ළමා රෝහලේ දරුවන් 07කට, මව්වරු 03කට කොරෝනා

0
102

කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින ළමයින් 07 දෙනකු හා ඔවුන් සමග සිටින මව්වරු 03 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇතැයි රෝහල් අධ්‍යක්ෂ වෛද්‍ය ජී.විජේසූරිය මහතා කියයි.

රෝහලේ ප්‍රතිකාර ලැබීමට පැමිණි වයස අවුරුදු 02ක දැරියකට හා ඇගේ මවට ද කොරෝනා ආසාදනය වී ඇති බව ඔක්තෝබර් 20 වැනි දින හඳුනා ගැනිනි. එම දැරියගේ පියා ද ආසාදනය වී ඇතැයි මේ වනවිට හඳුනාගෙන ඇත. ඔවුහු වැල්ලම්පිටියේ පදිංචිකරුවෝය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here