-4.8 C
New York

ආණ්ඩුවේ වෙනසක් නෑ. මහින්ද දිගටම අගමැති

Published:

පවතින තත්වය සම්බන්ධයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම පැවැත් වූ විශේෂ සාකච්ඡාවක දී අගමැති මහින්ද රාජපක්ෂගේ නායකත්වෙයන් ආණ්ඩුව ශක්තිමත්ව පවත්වාගෙන යා යුතු යැයි යෝජනාවක් ඒකමතිකව සම්මත වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ඒකකය නිවේදනයක් නිකුත්කරමින් කියා සිටියි.

පාර්ලිමේන්තු කමිටු කාමර අංක 01 හි එම රැස්වීම පවත්වා තිබේ.

ඉදිරි සතියේ දී ජනතාවට අවශ්‍ය කඩිනම් සහන ලබාදිය යුතු බවට ද එහි දී යෝජනා වී ඇත.

අගමැතිවරයාගේ නායකත්වයෙන් ආණ්ඩුව පවත්වාගෙන යා යුතු යැයි සහන් ප්‍රදීප් මන්ත්‍රීවරයා යෝජනා කර ඇති අතර යූ,කේ.සුමිත් මන්ත්‍රීවරයා එය ස්ථිර කර තිබේ.

එහි දී විදුලිබල ඇමති සහ බලශක්ති ඇමති කංචන විජේසේකර පවසා ඇත්තේ ඉන්ධන සහ විදුලි කප්පාදු ගැටලුව සති කිහිපයකින් විසඳන බවයි. එමෙන් ම ගෑස් ගැටලුව ද සති කිහිපයකින් විසඳිය හැකි බව අධ්‍යාපන ඇමති සහ වැවිලි කාර්මාන්ත ඇමති රමේෂ් පතිරණ පවසා ඇත.

Related articles

Recent articles

spot_img