spot_img
spot_imgspot_img

රඹුක්කන දී ඇත්තටම සිදුවූ දේ හෙළිවෙයි ද ?

පුවත්

විදෙස්

රඹුක්කන සිද්ධියේ දී ඉන්ධන ‍බවුසරයකට ගිනි තැබීමට තැත් කළ පුද්ගලයා පිළිබඳ බරතල සැකයක් ඇති බවත් ත්‍රී රෝද රථයකට ගිනි තැබුවේ මුහුණ ආවරණය කරගත් පොලිස් නිලධාරීන් බවත් රඹුක්කන අරගලය ඇසින් දුටුවෝ කියති.

තෙල් බවුසරයක අසළ හැසිරෙන පුදගලයකු දැක්වෙන වීඩියෝ දර්ශන NewsFirst ඔස්සේ ද විකාශ කෙරිණි. නමුත් ඔහු එම ගින්න අසළ ඇති යමක් ඉවත්කරන බව පෙනේ.

මෙම අරගලය ආරම්භ වූයේ දින කිහිපයක් ම රඹුක්කන සමූපකාර ඉන්ධන පිරවුම්හළෙන් තෙල් ලබා නොදී 18 වැනි දා මධ්‍යම රාත්‍රියේ තෙල් මිල වැඩි කිරීමෙන් පසු තෙල් ලබාදීම ආරම්භ කිරීම හේතුවෙනි.

ඔවුන් මේ අරගලය ආරම්භ කරන්නේ අළුයම හිරු නැගෙන්නටත් ප්‍රථම වීම විශේෂත්වයකි. මිල වැඩිකරන තුරු තොග සඟවාගෙන සිටි බව ඔවුන් පවසයි. ඇමතිවරුන්ගේ වාහනවලට තෙල් ලබාදුන් බවත් තමන් දින 04ක් පෝළිම්වල සිටි බවත් ඔවුහු කිියති.

19 වැනි දා උදැසන 7.00ට පමණ දුම්රිය මාර්ගය ද අවහිර කළ අතර දහවල් පැමිණි තෙල් බවුසරයක රියදුරා ද එම බවුසරය නතර කර ජනතාවගේ ඉල්ලීම අනුව ඉන් බැස යන්නේ විරෝධතා කරුවන්ගේ කර මතිනි. ඒ දර්ශන Newsfirst විකාශය කර තිබේ.

පසුව පැය කිහිපයක් දුම්රිය මාර්ගය සහ ප්‍රධාන මාර්ග අවහිර කරමින් විරෝධ‍ය පැවති අතර තවත් තෙල් බවුසරයක් රඹුක්කන නගරයට පැමිණ තිබිණි. ඒ අනුව තෙල් බවුසර් දෙක ම ඉන්ධන පිරවුම් හළ ආසන්න ප්‍රදේශයේ නතර කර තිබූ අතර පොලිසිය විසින් සවස 4.00න් පසු පළමු කඳුළු ගෑස් ප්‍රහාරය එල්ල කරන ලදී.

කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් පොලිසිය ඉදිරියටම ගමන් කරන අතර විරෝධතා කරුවෝ හිස්ලූ ලූ අත පලායන අතර පොලිසිය තෙල් බවුසර් පසුකර ප්‍රධාන මාර්ගය වෙත අවතීරණ වෙයි. විරෝධතා කරුවන් මේ වනවිට මුළුමනින් ම පසු බැස ගොස් අතර නොහඳුනන පුද්ගලයන් කිහිප දෙනකු පොලිසිය දෙසට යනු දුටු බව ද ප්‍රදේශවාසීහු කියති.

ඒ වනවිට පොලිසිය විසින් විරෝධතා කරුවන් පළවාහැර තම බලය තහවුරු කරගත් ස්ථානනයක තිබූ ඉන්ධන පිරවූ බවුසරයක ඉදිරිපස ඇති ගින්නට යමක් සිදුකිරීමට උත්සාහ ආකාරය NewsFirst විකාශ කළ දර්ශනවල පැහැදිලිව දක්නට ලැබෙයි.

මෙම ප්‍රදේශය විරෝධතා කරුවන් විසින් අත්පත් කරගෙන සිටිය දී එවැනි ගිනි තැබීමක් හෝ අලාභහානි කිරීමක් සිදු නොකර පොලිසිය විසින් අත්පත් කරගැනීමෙන් පසු බවුසරයේ ගින්නක් ඇතිවීම සම්බන්ධයෙන් විරෝධතාවයේ යෙදුණු පිරිස් දැඩි විමතිය පළ කරති.

ඉන් පසු තෙල් බවුසරය තිබූ ස්ථානයේ සිට මීටර 100ක් පමණ දුරින් පොලිසිය පළමු වෙඩි තැබීම සිදුකර ඇති අතර එම ස්ථානයේ සිටි පිරිස් පවසන්නේ පොලිසිය එම පුද්ගලයාට මීටර 04ක පමණ දුරක සිට වෙඩි තැබූ බවයි. එම අවස්ථාවේ දී වෙඩි පහර එල්ල වූ පුද්ගලයාගේ අතෙහි ගලක් හෝ නොතිබූ බවත් එතැන විරෝධතාකරුවන් නොසිටි බවත් සිද්ධිය ඇසින් දුටුවෝ කියති.

මේ සම්බන්ධයෙන් අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍ය බව ප්‍රදේශවාසීහු මෙන්ම ශ්‍රී ලංකා නීතිඥ සංගමය ද අවධාරණය කරයි. ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම මෙන්ම ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන ද මේ සිද්ධිය සම්බන්ධයෙන් දැඩි අවධානය යොමුකර තිබේ.

රඹුක්කන සිද්ධිය සම්බන්ධයේ ඊයේ (20) කෑගල්ල අධිකරණයට කරුණු වාර්තා කර තිබූ අතර පොලිසිය එහි දී කටයුතු කළ ආකාරය සම්බන්ධයෙන් නීතිඥවරුන්ගේ විරෝධය එල්ල වී තිබේ. මේ සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වාසනා නවරත්න පොලිසියට තරයේ අවවාද කළාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!