spot_img
spot_imgspot_img

රඹුක්කන සිද්ධියේ ලේඛන විකෘති කළ පොලිසියට අධිකරණයෙන් දැඩි අවවාද

පුවත්

විදෙස්

රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි කරුවන්ට කිසිදු බලපෑමක් නොකරන ලෙස කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වාසනා නවරත්න ඊයේ (19) පොලිසියට නියෝග කළාය.

මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය කරන ලද්දේ රඹුක්කන සිද්ධයේ දී සිදුවූ මරණයක් සම්බන්ධයෙන් අධිකරණයට පොලිසිය විසින් කරුණු වාර්තා කළ අවස්ථාවේ දී පොලිසියට අවවාද කරමිනි.

මේ සම්බන්ධයෙන් පොලිසිය ඒ වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කළ අතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය කියා සිටියේ අපරාධමය සිද්ධියක් සම්බන්ධයෙන් ඒ වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කළ නොහැකි බැවින් බී වාර්තාවක් මගින් අධිකරණයට කරුණු වාර්තා කරන ලෙසයි. ඒ අනුව නඩු විභාගය අත්හිටවනු ලැබීය.

පසුව පොලිසිය අධිකරණයට බී වාර්තාවක් ඉදිරිපත් කරන ලද අතර ඒ අවස්ථාවේ දී ජ්‍යෙස්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සමඟ පොලිසිපතිවරයා විසින් පත්කරන ලද ස්වාධීන පරීක්ෂණ කමිටුවේ නිලධාරියකු ද අධිකරණයේ සිටියේය

ස්ථානිය පරීක්ෂණයක් සඳහා ඉල්ලීමක් කරමින් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබූ බි වාර්තාවේ දණ්ඩ නීති සංග්‍රහයේ 298 වැනි වගන්තිය යටතේ වූ වරදක් කරන ලදැයි සටහන් වූ චෝදනාව මහේස්ත්‍රාත්වරිය ස්ථානීය පරීක්ෂාව කරන අතරවාරයේ පොලිසිය විසින් ටිපෙක්ස් කර තිබේ යැයි නීතිඥවරු අධිකරණය ඉදිරියේ කියා සිටියහ.

මෙම වගන්තියේ සදහන් වන්නේ නොසැළකිලිමත් ලෙස සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම සම්බන්ධයෙනි.

අධිකරණයට ඉදිරිපත් කරන ලද බී වාර්තාවක් වෙනස් කිරිමට අවශ්‍ය නම් එය කල හැක්කේ වැඩිදුර තොරතුරු වාර්තාවක් ඉදිරිපත් කිරීමෙන් පමණක් බවත් එය අපරාධ නඩුවක මූලික සිද්ධාන්තය බවත්‍ නීතිඥවරු කියා සිටියහ. එසේම මෙම මූලික සිද්ධාන්ත හෝ නොදන්නා පොලිස් නිළධාරීන් මෙතරම් බරපතල සිද්ධියක් සම්බන්ධයෙන් අපක්ශපාතී පරීක්ෂණයක් කරන්නේදැයි යන්න තමන්ට සැක සහිත බව ප්‍රකාශ කරමින් දැනට පරීක්ෂණ පවත්වන පොලිස් කණ්ඩායමෙන් මෙම පරීක්ෂණ ඉවත් කොට වෙනත් පොලිස් කණ්ඩායමක් වෙත මෙම පරීක්ෂණ පැවැත්වීමට නියෝග කරන ලෙසත් නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

අධිකරණය භාරයේ තිබූ එම වාර්තාව අවසරයකින් තොරව වෙනස් කිරීම සම්බන්ධයෙන්, මහේස්ත්‍රාත්වරිය පොලිස් නිලධාරීන්ට දැඩිව අවවාද කරමින් ලේඛන මකා දමමින් සහ විකෘති කරමින් අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙස ද පොලිස්පතිවරයාට දැනුම් දුන්නාය.

පොලිසිය ද ගරු අධිකරණයෙන් සමාව අයැද සිටි අතර ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට වාර්තාා කර අවශ්‍ය විනය ක්‍රියාමාර්ග ගන්නා බවට ද පොරොන්දු විය.

පොලිසිය අවම බලය පාවිච්චිකර ඇතැයි පිළිගෙන ඇති බැවින් වෙඩි තැබීමට නියෝග නිකුත් කළ පොලිස් නිලධාරියා සහ වෙඩි තැබිම සිදුකළ පොලිස් නිලධාරීන් මරණකරු සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණයේ දී සාක්ෂිකරුවන් ලෙස ඇතුළත් කරන ලෙස ද නීතිඥවරු ඉල්ලා සිටියහ.

මේ අතර නීතිඥ සංගම‍යේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් කෑගල්ල මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණ සිටි අතර ඔහුගේ අත්සනින් යුතුව ඊයේ (20) දිනයේ ම පොලිස්පතිවරයාට, මානව හිමිකම් කොමිසමේ සභාපතිවරියට සහ අපරාධ වින්ධිතයන් ආරක්ෂා කිරීමේ ජාතික අධිකාරියේ සභාපතිට ලිපි යොමුකරමින් දැනුම් දී ඇත්තේ රඹුක්කන සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂිකරුවන් බිය වැද්දවීම් සිදුව ඇතැයි නීතිඥවරු තමන්ට දැනුම් දී ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!