-5.9 C
New York

මහා නායක හිමිවරුන්ගෙන්, රජයට අවවාද. අහන්නේ නැත්නම් සංඝ සම්මුතියක් එයි

Published:

මීට පෙර ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් අප්‍රේල් 04 වැනි දා ඉදිරිපත් කරන ලද යෝජනා පිළිබඳ අවධානය යොමුකර නැති බවත් තවදුරටත් එලෙස ජනතා ගැටලු සම්බන්ධයෙන් අසංවේදීව සිටින්නේ නම් සංඝ සම්මුතිය පනවන බව ද එම ලිපියේ සඳහන් කර ඇත.

මහා නායක හිමිවරුන්ගේ අත්සන්වලින් යුතු එම ලිපිය ජනපතිවරයාට, විපක්ෂ නායක ඇතුළු පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ නායකයින්ට යොමුකර තිබේ.

එහි දැක්වෙන්නේ මෙම අර්බුදය විසඳාගැනිමට සාධනීය විසඳුම් ලබාදීම වෙනුවට අමාත්‍ය මණ්ඩලයක් පත්කර අර්බුදය කිසිසේත්ම විසඳාගත නොහැකි බවයි. ජනතාවගේ විරෝධතාවයට සවන් දී සහන සැළසිය යුතු බවත් මර්ධනයෙන් එම විරෝධය නැවැත්වීමට උත්සාහ නොගත යුතු බවත් පවසා තිබේ. එමෙන් ම 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසිකර 19 වැනි ව්‍යවස්ථාවේ ඇතුළත් සාධනීය කරුණු සහිත නව ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළ යුතු බවත් එම ලිපියේ දක්වා ඇත.

Related articles

Recent articles

spot_img