-5.9 C
New York

රඹුක්කන ඝාතන සම්බන්ධයෙන් කෑගල්ල අධිකරණයේ දැන් සිදුවන දේ

Published:

රඹුක්කන දී ඊයේ (19) උද්ඝෝෂකයන්ට පොලිසිය කරන ලද පහරදීම සහ මනුෂ්‍ය ඝාතන සම්බන්ධයෙන් කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් වාසනා නවරත්න මීට සුළු වේලාවකට පෙර ස්ථානීය පරීක්ෂණ අවසන් කළාය.

වෙඩි තැබීම් සිදුවූ ස්ථාන, උණ්ඩ වැටී තිබූ ස්ථාන පරීක්ෂා කිරීමෙන් අනතුරුව කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ දී එම සිද්ධිය සම්බන්ධ ඉදිරි නඩු විභාග කටයුතු ආරම්භ කිරීමට නියමිතය.

එහිි සිටින නීතිඥයන් පවසන්නේ ස්ථානීය පරීක්ෂාව සිදුකිරිමටත් පෙර ලේ පැල්ලම් සෝදා තිබූ බවයි.

පොලිසිය බී වාර්තාවකින් අධිකරණයට කරුණු වාර්තා කිරීම සාමාන්‍ය සම්ප්‍රදාය වුව ද ඒ වාර්තාවකින් හෙවත් සැකකරුවන් හඳුනාගත නොහැකි වූ අවස්ථාවක දී ඉදිරිපත් කරනු ලබන වාර්තාවකින් කරුණු දැක්වීමට කටයුතු යෙදා ඇතැයි නීතිඥයරු නියති.

මේ දිනවල රටේ පැවත්වෙන් ජනතා අරගලවල දී අගතියට පත්වන සාමාන්‍ය මහජතාව වෙනුවෙන් නොමිළයේ පෙනී සිටින නීතිඥයන් විශාල පිරිසක් මේ වනවිට කෑගල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ගොස් සිටිති.

Related articles

Recent articles

spot_img