spot_img
spot_imgspot_img

“පොලිසියේ වැඩ පරස්පරයි. වෙඩි තැබීම වැරදියි” මහින්ද දේශප්‍රියගෙන් විවෘත ලිපියක්

පුවත්

විදෙස්

රඹුක්කන මහජන උද්ඝෝෂණයට පොලිසිය වෙඩි තැබීමේ සිද්ධිය සම්බනන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බව ප්‍රකාශ කරන පොලිසිය ම ඒ වෙඩි තැබීමට සාධාරණ හේතුවක් ඇතැයි පැවසීම එකිනෙකට පරස්පර කරුණක් බව මැතිවරණ කොමිසමේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ලිපියකින් දැනුම් දී තිබේ.

රඹුක්කන පැවැති ආකාරයේ ම උද්ඝෝෂණයක් එදින ම  (19) අලුයම රත්නපුරයෙන් ද ආරම්භ වී ඇතත් රඹුක්කන දී මෙන් ජීවිත හානි සිදුව නැත්තේ මෙවැනි උද්ඝෝෂණ මනුෂ්‍ය ඝාතන සිදු නොවන ආකාරයෙන් පාලනය කළ හැකි බවට උදාහරණ සපයමින් බව ද මහින්ද දේශප්‍රිය එම ලිපිය මගින් දන්වා සිටියි.

“මෙම උද්ඝෝෂණ ආරම්භවීමට හේතුව ඉන්ධන හිඟය, මිල වැඩි කළ සැණෙන් ඒ වනවිට තිබූ ඉන්ධන තොගය වැඩි මිලට අළෙවි කිරීමේ නියමය නැතහොත් ප්‍රයත්නය සහ ඊට අදාල තවත් කරුණු බව නිරීක්ෂණය වෙයි. ජනතාවට උද්ඝෝෂණ කිරීමේ අයිතියක් ඇති බව 18 වැනි දා ජනාධිපතිවරයා විසින් ප්‍රකාශ කර පැය 24ක් යාමට පෙර ජනතා උද්ඝෝෂණයකට පොලිසියෙන් වෙඩි තබා මනුෂ්‍ය ඝාතන සිදුකිරීම සරදමකි, ඛේදවාචකයකි, අයුක්තියකි.” යනුවෙන් ද ඔහු තම ලිපියේ දක්වා තිබේ.

එබැවින් මැතිවරණ කොමිසමේ හිටපු සභාපති සහ සීමා නීර්ණය කොමිසමේ වත්මන් සභාපති මහින්ද දේශප්‍රිය, මේ සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරීක්ෂණයේ දී අගතියට පත් පාර්ශව වෙනුවෙන් කරුණු දැක්වීමට ඉදිරිපත්වන නීතිඥයන්ට අවශ්‍ය සහාය දෙන ලෙසත්, කරුණු ඉදිරිපත් කරන සාක්ෂි යටපත් කිරීමට හෝ ‍වසන් කිරීමට ඉඩ නොදෙන ලෙසත් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් ඉල්ලා සිටියි.

එමෙන් ම ඔහු අවධාරණය කරන්නේ උද්ඝෝෂණ, ප්‍රචණ්ඩත්වය කරා යෑම වැළැක්වීම, පොලිසිය වෙත පැවරෙන අත් හැරිය නොහැකි වගකීමක් බව පොලිස් නිලධාරීන් වැඩිදුරටත් දැනුම්වත් කරන ලෙස මහින්ද දේශප්‍රිය මෙම ලිපිය මගින් ඉල්ලා ඇත.

ඔහු අවසන් වශයෙන් සඳහන් කර ඇත්තේ පොලිස් වෙඩි ප්‍රහාරයකින් උද්ඝෝෂකයන් ඝාතනය කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!