-4.8 C
New York

“සල්ලි ඕනනම්, පිළිගත හැකි සහතිකයක් ඕනෑ” – IMF කියයි

Published:

ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අර්බුදය හේතුවෙන් ණය මුදලක් ලබාදීමට නම්, ශ්‍රී ලංකාවට ගෙවීමට ඇති ණය තිරසාර මාවතකට යොමු කරන බවට “පිළිගත හැකි සහතිකයක්” අවශ්‍ය බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

එහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලීනා ජෝර්ජිවා මේ බව කියා ඇත්තේ රොයිටර් පුවත් සේවය සමඟ පැවැති සාකච්ඡාවක දී ය.

ක්‍රිස්ටලීනා ඊයේ (19) ශ්‍රී ලංකා නියෝජිතයන් සමඟ සාකච්ඡා කර තිබිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි පවසන්නේ ගෙවුම් ශේෂ හිඟය මඟහරව ගනිමින් ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ස්ථාවර කිරීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය අවශ්‍යව ඇති බවයි.

ඔහු වැඩිදුරටත් කියා ඇත්තේ ශ්‍රී ලංකාවේ දුප්පත් සහ අවදානමට ලක්ව ඇති පාර්ශව අත්විඳින දුෂ්කරතා සහ වත්මන් ආර්ථික අර්බුදය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැඩි අවදානයකින් පසුවන බවයි.

Related articles

Recent articles

spot_img