ගාල්ල ධීවර වරායේ අභ්‍යන්තරයේ පිහිටා ඇති මාළු වෙළෙඳ සැලේ සේවකයන් 168 දෙනකු සඳහා කරන ලද පීසීආර් පරික්ෂණවල ප්‍රතිඵල මිට සුළු වේලාවකට පෙර ලැබුණු බවත් එම සියල්ල සෘණාත්මක බවත් සෞඛ්‍ය අංශ පවසයි.
ධීවර වරායේ බහුදින ධීවර යාත්‍රාවල සේවකයන්, ජාකොටුව වැල්ලේ ධීවරයන් හා අළෙවිකරුවන් මෙන්ම රත්ගම වැල්ලේ ධීවරයන් හා අළෙවිකරුවන්ගේ පීසීආර් පරීක්ෂණ ප්‍රතිඵල ලැබෙන විට තවදුරටත් ප්‍රමාද විය හැකි බව ද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. අද (26) දහවල් සෞඛ්‍ය අංශ කියා සිටියේ වරාය හා ආශ්‍රිත ධීවරයන්ගේ සිදුකරන ලද පීසීආර් පරීක්ෂණ වාර්තා ලැබෙන විට හෙට (27) සවස් විය හැකි බවයි.
එසේ වුව ද වාර්තා විශ්ලේෂණය අවසන් වන ආකාරයට එම ප්‍රතිඵල කොටස් වශයෙන් හෝ නිකුත් කිරීමට ද කටයුතු කරන බව පැවසේ.