ඉන්දීය මහ බැංකු අධිපතිට කොරෝනා

0
67

ඉන්දියාවේ මහ බැංකු අධිපති ශක්තිකාන්තා දාස් ට කොරෝනා ආසාදනය වී ඇත.

“මට ‘කොවිඩි-19’ ආසාදනය වී ඇතැයි තහවුරු වුණා. මා රෝග ලක්ෂණ පෙන්නුම් කළේ නැහැ. මා ඉතා හොඳින් ඉන්නවා” යැයි ඉන්දීය මහ බැංකු අධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කළේය.

හැට තුන් හැවිරිදි ඉන්දීය මහ බැංකුවේ අධිපතිවරයාට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත්තේ ඉරිදා දිනයේ දී ය

 “පසුගිය දින කිහිපයේදී මා ඇසුරු කළ පුද්ගලයන් ද දැනුවත් කළා. මා මේ වනවිට නිරෝධායනයට යොමු වී සිටිනවා. මහ බැංකුවේ කටයුතු සාමාන්‍ය පරිදි සිදුවෙනවා” යැයි මහ ඔහු කීවේය.

ඉන්දියාවෙන් මේ වනවිට මිලියන 7.8 ඉක්මවා නව කොරෝනා වයිරස ආසාදිතයන් වාර්තා වන අතර ඉන්දියාව කොරෝනා ආසාදිතයන්ගෙන් දෙවැනි ඇමෙරිකා එක්සත් ජනපදයට පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here