-0.1 C
New York

ගමේ ග්‍රාම නිලධාරියාටත්, ඉන්ධන මිල නිසා වැඩකරන්න බැහැ කියයි

Published:

රටේ ආර්ථික අර්බුදය සහ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් තමන් සේවා කරන කාලය සීමා කරන බව ශ්‍රී ලංකා ග්‍රාම නිලධාරීන්ගේ සංගමය රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිඛිතව දැනුම් දී තිබේ.

ඔවුන් මෙතෙක් රාජකාරී කරන ලද්දේ අඟහරුවාදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා දින තුන කාර්යාල දින වශයෙන් සහ සඳුදා මහජන දිනය ලෙස සළකමිනි.

මෙම අර්බුදය හේතුවෙන් ඇතිවන අපහසුතා නිසා සඳුදා, බ්‍රහස්පතින්දා සහ සෙනසුරාදා පමණක් කාර්යාල සහ ක්ෂේත්‍ර රාජකාරීවල නිරතවන බව ඔවුන් අමාත්‍යාංශ ලේකම්වරයාට දන්වා ඇත.

ග්‍රාම නිලධාරීවරයා යනු ගමක සිටින රජයේ නියෝජිතයා  වන අතර බොහෝ අවස්ථාවල දී ඔවුන් තම පදිංචි ප්‍රදේශයේ ම හෝ පදිංචි ස්ථානයට යාබද කොට්ඨාසයක සේවය කරයි. මේ හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම ඔවුන්ගේ සේවා සීමා කිරීමට බලපාන හේතුවක් නොවේ යැයි රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකුගෙන් විමසීමේ දී කියා සිටියේය.

Related articles

Recent articles

spot_img