-5.9 C
New York

පාසල් දරුවන්ගේ පැමිණීමේ විශාල අඩුවක්

Published:

පාසල් දරුවන්ගේ පැමිණීම අද (20) ඉතාමත් අවම මට්ටමක පවතින බව නිරීක්ෂණය කළ හැකිවිය.

පාසල් ළමුන් ප්‍රවාහනයෙන් තමන් ඉවත්වන බව, සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය ඊයේ නිවේදනය කර තිබිණි.

බස් ගාස්තු වැඩිකිරීමට රජය තීරණය කර තිබුණ ද අද උදෑසන බොහෝ නගරවල පුද්ගලික බස්රථ ධාවනය ඉතාමත් අවම මට්ටමක පැවතිණි.

මේ අතර දීප ව්‍යාප්ත හර්තාල සතියක් සියලුම වෘත්තීය සමිති විසින් ප්‍රකාශයට පත්කර ඇති අතර පාසල් ගුරුවරු බොහෝ දෙනෙක් කළු පැහැති ඇඳුමින් සැරසී පාසල් පැමිණ සිටියහ. පාසල් බොහොමක තොරතුරු විමසීමේ දී තහවුරු වූයේ පාසල් ළමුන්ගේ පැමිණීම 50%ක පමණ මට්ටමේ පවතින බවයි.

Related articles

Recent articles

spot_img