-2.1 C
New York

රඹුක්කන සිද්ධිය, ඇමෙරිකාව හෙළා දකී

Published:

රඹුක්කන දී ආණ්ඩුවට එරෙහිව විරෝධතාවක නිරතවූ පුද්ගලයන්ට පොලිසිය විසින් වෙඩි තැබීම තරයේ හෙළා දකින බවත් ඉන් මහත් කම්පාවට පත්වූ බවත් ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනි ජුලී චන්ග් පවසයි.

ඇය මේ බව ප්‍රකාශ කර සිටින්නේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමිනි.

මේ සම්බන්ධයෙන් පූර්ණ විනිවිද භාවයකින් යුතු අංග සම්පූර්ණ පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් තමන් පොලිසියේ ප්‍රචණ්ඩත්වය මෙන් ම පොලිසියට එරෙහි ප්‍රචණ්ඩත්වයත් තරයේ ප්‍රතික්ෂේප කරන්නේ යැයි ද ඇය පවසයි.

දෙපාර්ශවය ම සාමකාමීව කටයුතු කිරීම වැදගත් බව ද ඇය ප්‍රකාශ කර තිබේ.

Related articles

Recent articles

spot_img