1.6 C
New York

පුද්ගලයකුට ජීවත්වීම සඳහා රුපියල් 5,972.00ක් ප්‍රමාණවත් යැයි රජය කියයි

Published:

ශ්‍රී ලංකාවේ පුද්ගලයකුට දුප්පත් නොවී මාසයක් ජීවත්වීම සඳහා රුපියල් 5,972.00 ක මුදලක් ප්‍රමාණවත් යැයි ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.

එම දෙපාර්තමේන්තුව විසින් කරන ලද සමීක්ෂණයකින් පසු ඒ ඒ දිස්ත්‍රික්කයන් හි පදිංචි පුද්ගලයන්ට දුප්පත් නොවී ජීවත්වීමට අවශ්‍ය අවම මුදල් ප්‍රමාණය තීරණය කර ඇති අතර ජාතික වශයෙන් ගත් විට එම අගය රුපියල් 5,972.00කි.

දුප්පත් නොවී ජීවත්වීම සඳහා වැඩිම මුදලක් අවශ්‍ය වන්නේ කොළඹ දිස්ත්‍රික්කයේ ජනතාවට බව ද දිස්ත්‍රික් දත්ත අනුව සැකසූ එම වාර්තාව පිරික්සීමේ දී පෙනී යයි.  ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ පුද්ගලයකුට මාසයක් දුප්පත් නොවී ජීවත් වීමට රුපියල් 6,482.00ක් අවශ්‍ය වෙයි.

මාසිකව අවම මුදලක් අවශ්‍ය වන්නේ මොණරාගල දිස්ත්‍රික්කයේ පුද්ගලයකුට බව ද එහි දැක්වේ. එම මුදල රුපියල් 5,623.00 කි.

Related articles

Recent articles

spot_img