ගාල්ලේ PCR වාර්තා අදත් නෑ. අඟහරුවාදා සවස දක්වා ප්‍රමාදයි?

0
96

ගාල්ල ධීවර වරාය හා ඒ ආශ්‍රිත ධීවරයන් සම්බන්ධයෙන් කරන ලද පීසීආර් පරීක්ෂණ 726ක ප්‍රතිඵල අද (26) දිනයේ දී ද නොලැබෙනු ඇතැයි ද එම ප්‍රතිඵල ලැබෙන විට අඟහරුවාදා (27) සවස්වනු ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.

අප කළ විමසීමක දී ගාල්ල සෞඛය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප්‍රකාශකයකු කියා සිටියේ මේ වනවිට පීසීආර් පරීක්ෂණ සඳහා දෛනිකව ලැබෙන ජෛව සාම්පල ප්‍රමාණය සංඛ්‍යාත්මකව විශාල අගයක් ගන්නා බැවින් මෙවැනි ප්‍රමාදයක් සිදුවන බවයි. සෙනසුරාදා (24) දිනයේ ගාල්ල ධීවර වරාය, ජාකොටුව වැල්ල, දෙවට හා රත්ගම වැල්ල යන ස්ථානයන්හි සිටින ධීවරයන් හා ඒ ආශ්‍රිත පුද්ගලයන්ගේ ජෛව සාම්පල 726ක් රැගෙන තිබිණි. මේ සියලු සාම්පල රසායනාගාර තත්ත්වයන් යටතේ ගබඩා කර ඇති බැවින් කිසිදු හානියක් හෝ ප්‍රතිඵලවල දෝෂයක් හෝ ඇති නොවන බව ද සෞඛ්‍ය අංශ පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here