-4.8 C
New York

බලශක්ති, විදුලිබල ඇමති කංචනගේ ගමේ දැවැන්ත උද්ඝෝෂණයක්

Published:

දෙවුන්දර උපුල්වන් දේවාලය ඉදිරිපිට ආණ්ඩුවට එරෙහි දැවැන්ත උද්ඝෝෂණයක් පැවැත්වෙයි. බලශක්ති අමාත්‍යවරයා ලෙසත් ඛනිජ තෙල් අමාත්‍යවරයා ලෙසත් ඊයේ (18) දිවුරුම් දුන් කංචන විජේසේකරගේ ගම් ප්‍රදේශයේ මෙම උද්ඝෝෂණය ආරම්භ වී තිබීම විශේෂත්වයකි.

ඉන්ධන මිල ඉහළ දැමීමට එරෙහිව ධීවරයන් සහ බස් රථ සේවකයන් ඇතුළු ජනතාව වීදි බැස උද්ඝෝෂණයේ යෙදී සිටීම හේතුවෙන් මේ වනවිට කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය දෙවුන්දරින් සම්පූර්ණයෙන් ම අවහිර වී දැඩි වාහන තදබදයක් ද හටගෙන ඇත.

විරෝධතාවයේ නිරත පිරිස් ධීවර යාත්‍රා කිහිපයක් මාර්ගයට ගෙනවිත් දමා මඟ හරස්කර ඇති අතර ටයර් පුළුස්සා දමා තිබේ.

Related articles

Recent articles

spot_img