spot_img
spot_imgspot_img

නව ඇමති මණ්ඩලයෙත් පවුල් ගස් බිහිවෙයි. පවුල් උරුමයට රට පවරා දීලා

පුවත්

විදෙස්

පවුල් දේශපාලනය එපා යැයි ජනතාව වීදි බැස උද්ඝෝෂණය කරද්දී පත්කරන ලද නව අමාත්‍ය මණ්ඩලයට පවුල් උරුමයෙන් දේශපාලනයට පිවිසි පිරිසක් ඇතුළත්ව සිටිති.

ඒ අතර මෙරට අගමැතිවරු දෙදෙනකුගේ පුතුන් ද සිටීම විශේෂත්වයකි.

පවුල් උරුමයනේ පාර්ලිමේන්තුවට පත්වී මේ වනවිට ඇමතිවරු ලෙස පත්ව සිටින අයගේ ලේඛනය පහත දක්වා ඇත.

හිටපු අග්‍රාමාත්‍ය රත්නසිරි වික්‍රමනායකගේ පුත් විදුර වික්‍රමනායක කම්කරු අමාත්‍ය

හිටපු අග්‍රාමාත්‍ය දි.මු.ජයරත්නගේ පුත් අනුරාධ ජයරත්න වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය

අමාත්‍යවරුන් වූ ඇමති පුත්තු

පිලිප් ගුණවර්ධනගේ පුත්‍රයා – දිනේෂ් ගුණවර්ධන රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන  අමාත්‍ය

රිචඩ් පතිරණගේ පුත්‍රයා – රමේෂ් පතිරණ අධ්‍යාපන අමාත්‍ය, වැවිලි කර්මාන්ත අමාත්‍ය

රෙජී රණතුංගගේ පුත්‍රයා – ප්‍රසන්න රණතුංග මහජන ආරක්ෂක අමාත්‍ය, සංචාරක අමාත්‍ය

සරත් අමුණුගමගේ පුත්‍රයා – දිලුම අමුණුගම ප්‍රවාහන අමාත්‍ය, කර්මාන්ත අමාත්‍ය

මහීපාල හේරත්ගේ පුත්‍රයා – කනක හේරත් මහාමාර්ග අමාත්‍ය

මහින්ද විජේසේකරගේ පුත්‍රයා – කංචන විජේසේකර බල්‍යශක්ති අමාත්‍ය, විදුලිබල අමාත්‍ය

ජනක බණ්ඩාර තෙන්නකෝන්ගේ පුත්‍රයා – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් වරාය හා නාවික අමාත්‍ය

අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයා – ලොහාන් රත්වත්තේ නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

ජගත් බාලසූරිය සහ කුමාරි බාලසූරිය යුවළගේ පුත්‍රයා – තාරක බාලසූරිය විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්කර ඇත

උතුරු මැද පළාතේ අමාත්‍යවරයකුව සිටි එච්.බී.සේමසිංහගේ පුත්‍රයා වන ශෙහාන් සේමසිංහ වෙළෙඳ අමාත්‍ය, සමෘද්ධි සංවර්ධන අමාත්‍ය ලෙස පත්කර ඇත.

දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ ඩී.වී.උපුල්ගේ පුත්‍රයා වන ඩී.වී.චානක සංචාරක රාජ්‍ය අමාත්‍ය, ධීවර රාජ්‍ය අමාත්‍ය ලෙස පත්කර ඇත.

අනුරුද්ධ විදානගමගේ ගේ සහෝදරයා තේනුක විදානගමගේ තරුණ හා ක්‍රීඩා අමාත්‍යවරයා ලෙස පත්කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!