-4.8 C
New York

ගාල්ල‍ේ බස් සේවකයෝ නගරය ම වසා දමති

Published:

ඉන්ධන මිල වැඩිවීම හේතුවෙන් තවදුරටත් බස් ධාවනය කළ නොහැකි බව පවසමින් බස් රථ සේවකයන් සහ හිමිකරුවන් බස් හරස්කර ගාල්ල නගරය අද (19) උදෑසන වසා දමූහ.

දුර ගමන් සේවා සහ කෙටි දුර ධාවනය වන පුද්ගලික බස්රථ සහ අධිවේගී මාර්ගයේ බස් රථ ද මෙම විරෝධයට එක්ව ඇති බැවින් අධිවේගී මාර්ගයේ ද බස් රථ ධාවනය මේ වනවිට නැවතී ඇත.

ගාල්ල නගරයේ ප්‍රධාන බස් නැවතුමට වටා ඇති සෑම මාර්ගයක්ම බස් රථවලින් හරස් කර මෙලෙස වසා දැමීම හේතුවෙන් ගාල්ල නගරය ඔස්සේ කිසිම වාහනයක් ධාවනය කළ නොහැකි තත්වයක් උදාවී ඇත. කතරගම කොළඹ ප්‍රධාන මාර්ගයේ ධාවනය වන වාහන සඳහා විකල්ප මාර්ග භාවිතා කරන්න යැයි පොලිසිය දැනුම් දෙයි.

බස් සේවකයන් සහ හිමිකරුවෝ මේ වනවිට ගාල්ල නගරයේ උද්ඝෝෂණයක නිරතව සිටිති.

උද්ඝෝෂකයන් පවසන්නේ ඉන්ධන මිල ඇතුළු අමතර කොටස්වල මිල ඉහළ යාම හේතුවෙන් බස් රථ ධාවනය තවදුරටත් සිදුකළ නොහැකි බවයි. එබැවින් බස් ගාස්තු වහාම ඉහළ දමන ලෙස ද එසේ බස් ගාස්තු ඉහළ දමනතෙක් ධාවනයෙන් ඉවත්වන බව ද ඔවුහු පවසති.

(සාහිත ගම්මම්පිල)

Related articles

Recent articles

spot_img