1.6 C
New York

Cepetco තෙල් මිල, IOC මිලටත් වඩා වැඩිවෙයි

Published:

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අද (19) අළුයම සිට සියලුම තෙල් වර්ගවල මිල ඉහළ දමා තිබේ. ඒ අනුව තෙල් සංස්ථාවේ ඉන්ධන පිරවුම්හල්වල අද සිට ඉන්ධන අළෙවි කරන්නේ පහත සඳහන් මිල ගණන් යටතේය.

ඔක්ටේන් 92 පෙට්‍රල් – රුපියල් 338.00

ඔක්ටේන් 95 පෙට්‍රල් – රුපියල් 373.00

ඔටෝ ඩීසල් රුපියල් – 289.00

සුපර් ඩීසල් රුපියල් 329.00 යි

ලංකා අයිඕසී සමාගම ද පෙරදින ඉන්ධන මිල ඉහළ දැමූ අතර සිපෙට්කෝ මිල ඉහළ දැමීම අනුව ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් අයිඕසී සමාගමේ අළෙවි කරන මිලට වඩා රුපියල් 6.00කින් වැඩි අගයක් ගනී. අයිඕසී සමාගම ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක් රුපියල් 367.00කට අළෙවි කරන අතර සිපෙට්කෝ එම පෙට්‍රල් ලීටරයක් අළෙවි කරනුයේ රුපියල් 373.00කට ය.

එමෙන් ම සිපෙට්කෝ සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 329.00ක් වන අතර අයිඕසී සුපර් ඩීසල් ලීටරයක් රුපියල් 327.00කි. ඒ අනුව සුපර් ඩීසල් ද ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ සිපෙට්කෝ පිරවුම්හල්වල අළෙවි කරනවාට වඩා අඩු මුදලකට අයි‍ඕසී පිරවුම්හල්වල අළෙවි කරයි.

Related articles

Recent articles

spot_img