1.6 C
New York

ස්වාධීන යැයි කියා ආණ්ඩුවට මුක්කු ගැසූ අය මෙන්න

Published:

පවතින අර්බුදය හමුවේ ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීනව කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරු අතරින් 04 දෙනකු මේ වනවිට ආණ්ඩුවට සහය දක්වන බැවින් ස්වාධීන වූ මන්ත්‍රී කණ්ඩායම 42 සිට 38 දක්වා අඩුවී තිබේ.

විමල් වීරවංශ, උදය ගම්මන්පිළ සහ වාසුදේව නානායක්කාර ඇතුළු පක්ෂ 11ක මන්ත්‍රීවරු 42 දෙනකු පසුගිය දා ආණ්ඩුවෙන් ඉවත්ව ස්වාධීන විය.

වාසුදේව නානායක්කාර නායකත්වය දරන ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ ගයාෂාන් නවානන්ද අද සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශාන්ත බණ්ඩාර කෘෂිකර්ම රාජ්‍ය අමාත්‍යවරයා ලෙසත්, අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා‍ ලෙස සුරේන් රාඝවන් ද දිවුරුම් දුන්හ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රියංකර ජයරත්න ද තමන් ස්වාධීන වන බව පැවසුව ද විදේශ රැකියා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කරයි.

මේ අනුව ස්වාධීනව කටයුතු කරන බව පැවසූ මන්ත්‍රීවරු 04 දෙනෙක් රජයට එක්ව සිටිති.  

Related articles

Recent articles

spot_img