4.6 C
New York

වැරදුණු දේ ගැන, ජනපති ස්වයං විවේචනයක

Published:

“අපි තමයි හොඳටම කළේ” යැයි ජනප්‍රිය ප්‍රකාශයක් සිදුකළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (18) තමන්ට වැරදුණු තැන් කිහිපයක් ගැන ස්වයං විවේචනයක යෙදුණේය.

ඒ අද සවස රාජ්‍ය අමාත්‍යවරුන් පත්කරන අවස්ථාවේ දී ඔවුන් අමතමිනි. එම කතාව ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් සියලුම මාධ්‍ය ආයතන වෙත නිකුත්කර තිබේ.

එහි දී ජනාධිපතිවරයා පවසන්නේ ගොවීන්ට රසායනික පොහොර ලබා නොදීම වරදක්යැයි තමන් දැන් සිතන බවයි.  එබැවින් නැවත රසායනික පොහොර ලබාදීමට කටයුතු කරන බව ද පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ මීට පෙර එක්වීමට තිබූ බව ද ජනාධිපතිවරයා පවසා තිබේ.

රජයේ අතපසුවීම් සිදුවූ බවත්, ඒවා නිවැරදි කරගෙන ඉදිරියට ගමන් කිරීමට තමන් සූදානම් බවත් ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් කියා සිටියේය. බඩුමිල දරාගත නොහැකිව ජනතාව පෝළිම්වල ගත කිරීමෙන් වේදනාවට සහ ‍කෝපයට පත්වීම ඉතාමත් සාධාරණ බව ද හෙතෙම කියා සිටියේය.

Related articles

Recent articles

spot_img