පාර්ලිමේන්තුව අද (26) සහ හෙට (27) දෙදින තාවකාලිකව නවතා දමා දින දෙකේ දී ම පාර්ලිමේන්තුව විෂබීජහරණය කරන බව පාර්ලිමේන්තුවේ වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසයි.
මෙවැනි තීරණයක් ගෙන ඇත්තේ පාර්ලිමේන්තු පොලිසියට අනුයුක්තව සේවයකරන පොලිස් නිලධාරියකුට කොරෝනා ආසාදනය වී තිබීම හේතුවෙනි.
“අද සහ හෙට පාර්ලිමේන්තු රැස්වීම් පැවැත්වෙන්නේ නෑ. සාමාන්‍ය කාර්ය මණ්ඩලය පමණයි එන්නේ. කොරෝනා වසංගත තත්ත්වය නිසා නිසා ඔවුන් ගෙන්වන්නේ ඉතාම සීමිත පිරිසක්. එම නිලධාරීන් සිටින විට විෂබීජහරණය කිරීම අසීරු නිසා අදත් හෙටත් පාර්ලිමේන්තුව තාවකාලිකව වහලා විෂබීජහරණය කරන්න තීරණය කළා.”
වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසන්නේ විෂබීජහරණය කිරීමෙන් පසු බදාදා (28) පාර්ලිමේන්තුවේ සාමාන්‍ය රාජකාරී කටයුතු ආරම්භකරන බවයි.