4.6 C
New York

විපක්ෂයේ ඩයනාටත්, ගීතාටත් රාජ්‍ය ඇමතිධූර. නව රාජ්‍ය ඇමතිවරු දිවුරුම් දෙති

Published:

නව රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ අද (18) සවස දිවුරුම් දුන්හ. මෙහි විශේෂත්වය වන්නේ විපක්ෂයේ ප්‍රධාන පක්ෂය වන සමගි ජන බලවේගයේ හිමිකාරිනිය බව පවසන ඩයනා ගම‍ගේ ද රාජ්‍ය අමාත්‍යවරියක ලෙස දිවුරුම්දීමයි. එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සුරේන් රාඝවන් මන්ත්‍රීවරයා ද අද රාජ්‍ය අමාත්‍යවරයකු ලෙස දිවුරුම් දුන්නේය.

අද දිවුරුම් දුන් රාජ්‍ය අමාත්‍යවරු පහත දක්වා ඇත

ජී.එල්.පීරිස් – ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය

රෝහණ දිසානායක – පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය

අරුන්දික ප්‍රනාන්දු – වැවිලි රාජ්‍ය අමාත්‍ය

ලොහාන් රත්වත්තේ – නාගරික සංවර්ධන රාජ්‍ය අමාත්‍ය

තාරක බාලසූරිය – විදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය

ඉන්ධික අනුරුද්ධ – නිවාස රාජ්‍ය අමාත්‍ය

සනත් නිශාන්ත – ජලසම්පාදන රාජ්‍ය අමාත්‍ය

සිරිපාල ගම්ලත් – මහවැලි රාජ්‍ය අමාත්‍ය

අනුරාධ ජයරත්න – වාරිමාර්ග රාජ්‍ය අමාත්‍ය

සිසිර ජයකොඩි – දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය

ප්‍රසන්න රණවීර – කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය

ඩී.වී.චානක – සංචාරක රාජ්‍ය අමාත්‍ය, ධීවර රාජ්‍ය අමාත්‍ය

ඩී.බී.හේරත් – පශු සම්පත් රාජ්‍ය අමාත්‍ය

කාදර් කාදර් මස්තාන් – ග්‍රාමීය ආර්ථික භෝග වගා හා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය

අශෝක ප්‍රියන්ත – වෙළෙඳ රාජ්‍ය අමාත්‍ය

අරවින්ද් කුමාර් – වතු නිවාස හා ප්‍රජා යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය

ගීතා කුමාරසිංහ – සංස්කෘතික හා ප්‍රසාංග කලා රාජ්‍ය අමාත්‍ය

ගුණපාල රත්නසේකර – සමූපකාර සේවා, අළෙවි සවර්ධන හා පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍ය

ගයාෂාන් නවනන්ද – සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය

සුරෙන්ද්‍ර රාඝවන් – අධ්‍යාපන සේවා සහ ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය

ඩයනා ගමගේ – ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය

සිතා අරඹේපොළ – අධ්‍යාපන හා තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය

විජිත බේරුගොඩ – වරාය හා නාවික රාජ්‍ය අමාත්‍ය

Related articles

Recent articles

spot_img