-4.8 C
New York

රටේ ඉහළම තැන, අරගලයට බිය වූ තරමක්

Published:

රටේ ඉහලම රාජ්‍ය ආයතනය වන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයයි. ගාලු මුවදොර පිටියේ ගෝඨාගෝ ගම අරගලකරුවෝ ඊයේ (17) රාත්‍රී ජනාධිපති ලේකම් කාර්යාලය පිහිටි පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ලට ආලෝක කදම්භ එල්ලකරමින්න එය ද අරගලයේ කොටසක් බවට පත්කර ගත්හ. එම අවස්ථාවේ දී ජනාධිපති ලේකම් කාර්යාලයේ ආරක්ෂකයෝ විශාල පුවරු උස්සා එම ආලෝක කදම්භ පැරණි පාර්ලිමේන්තු ගොඩනැගිල්ල මත පතිත වීම වැළැක්වීමට දැඩි උත්සාහයක් ගත්හ.

අද මේ වනවිට ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙහෙයවීමෙන් ගොඩනැගිල්ලේ පිටතට බිත්තිවලට අධි බලැති Flash Light සවිකරන ආකාරය දක්නට ලැබෙයි. එහි අරමුණ වන්නේ අද රාත්‍රියේ දී ද ආලෝක කදම්භ එල්ල කළහොත් එහි වර්ණ නොපෙනෙන පරිදි අධි බලැති ආලෝකයක් එල්ල කිරීමයි. එමගින් අරගලකරුවන්ගේ සටන් පාඨ ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ලේ ප්‍රදර්ශනය වීම වැළැක්වීම ඔවුන්ගේ උත්සාහයයි.

Related articles

Recent articles

spot_img