-5.9 C
New York

ගාලු මුවදොර උද්ඝෝෂණය ගැන, පොලිසිය අධිකරණයට කියයි

Published:

රජයට ඉල්ලා අස්වන ලෙස බලකරමින් ගාලු මුවදොර පිටියේ පවත්වන අඛණ්ඩ උද්ඝෝෂණය සම්බන්ධයෙන් අද (18) කොටුව පොලිසිය කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළේය.

ගෝඨාගෝ ගම ලෙස එම පරිශ්‍රය නම් කරමින් එම උද්ඝෝෂණය පැවැත්වෙන අතර විශාල පිරිසක් දිනපතා ඊට එක්ව සිටිිති.

කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුළවල වෙත කරුණු වාර්තා කර ඇති අතර එහි දී සඳහන් කර ඇත්තේ ගාලු මුවදොර ප්‍රදේශයේ විශාල පිරිසක් රැස්වී උද්ඝෝෂණයක නිරතව සිටින බවයි. මේ හේතුවෙන් මහජන ගමනාගමනයට මෙන්ම සාමාන්‍ය රථවාහන ධාවනයට ද බාධා සිදුව ඇති බවත් පොලිසිය අධිකරණයට කියා සිටියේය. එබැවින් එම ස්ථානයේ සාමය කඩවීමේ සිද්ධියක් වාර්තාවුවහොත් මේ පිළිබඳ අධිිකරණය දැනුම්වත් කිරීමට පියවර ගන්නා බවත් පොලිසිය අද අධිකරණයට දැනුම් දුන්නේය.

Related articles

Recent articles

spot_img