-5.9 C
New York

අමාත්‍යාංශ 23ක් මන්ත්‍රීවරු 17ක් අතර බෙදයි. 06 දෙනෙකුට අමාත්‍යාංශ 02 බැගින්

Published:

නව අමාත්‍ය මණ්ඩලය මීට සුළු වේලාවකට පෙර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරියේ දිවුරුම් දීම සිදුකරනු ලැබීය.

ජනාධිපති මන්දිරයේ දී මෙම දිවුරුම්දීම සිදුවූ අතර මන්ත්‍රීවරු 17 දෙනකු කැබිනට් අමාත්‍යධූරයන හි දිවුරුම් දුන්හ.

රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය – දිනේෂ් ගුණවර්ධන

ධීවර අමාත්‍ය – ඩග්ලස් දේවානන්දා

අධ්‍යාපන අමාත්‍ය, වැවිලි කර්මාන්ත අමාත්‍ය – රමේෂ් පතිරණ

මහජන ආරක්ෂක අමාත්‍ය, සංචාරක අමාත්‍ය – ප්‍රසන්න රණතුග

ප්‍රවාහන අමාත්‍ය, කර්මාන්ත අමාත්‍ය – දිලුම් අමුණුගම

මහාමාර්ග අමාත්‍ය – කනක හේරත්

කම්කරු අමාත්‍ය – විදුර වික්‍රමනායක

කෂිකර්ම අමාත්‍ය, වාරිමාර්ග අමාත්‍ය – ජනක වක්කුඹුර

වෙළෙද අමාත්‍ය, සමෘධ්ධි සංවර්ධන අමාත්‍ය – ශෙහාන් සේමසිංහ

ජල සම්පාදන අමාත්‍ය – මොහාන් පී. ද සිල්වා

වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය – විමලවීර දිසානායක

බලශක්ති අමාත්‍ය, විදුලිබල අමාත්‍ය – කංචන විජේසේකර

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය – තේනුක විදානගමගේ

ජනමාධ්‍ය අමාත්‍ය – නාලක ගොඩහේවා

සෞඛ්‍ය අමාත්‍ය – චන්න ජයසුමන

පරිසර අමාත්‍ය – නසීර් අහමඩ්

වරාය හා නාවික අමාත්‍ය – ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

අමාත්‍යාංශ දෙකක වගකීම් පැවරී ඇති බොහෝ දෙනකුට එම අමාත්‍යාශ ලැබී ඇත්තේ ඇමති තනතුරු දෙකක් ලෙසිනි. ඒ අනුව අමාත්‍යාංශ දෙක වෙනුවෙන් ම කාර්ය මණ්ඩල පත්කිරීමට සහ අදාල පහසුකම් ලබාගැනීමට ද ඔවුන්ට අවස්ථාව උදා වනු ඇත.

බැසිල් රාජපපක්ෂ, නාමල් රාජපක්ෂ, ගාමිණී ලොකුගේ , ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගමගේ ,කෙහෙළිය රඹුක්වැල්ල, බන්දුල ගුණවර්ධන, එස් එම් චන්ද්‍රසේන, පවිත්‍රා වන්නිආරච්චි, එස් බී දිසානායක , සී බී රත්නායක, සරත් වීරසේකර , ඩලස් අලහප්පෙරුම යන හිටපු කැබිනට් ඇමතිවරු නව කැබිනට් මණ්ඩලයට ඇතුළත්ව නැත.

Related articles

Recent articles

spot_img