-5.9 C
New York

නව ඇමති මණ්ඩලයෙන් කොටසක් අද පත්කරයි

Published:

නව කැබිනට් මණ්ඩලයේ කොටසක් අද (18) උදේ 10.30ට පමණ දිවුරුම් දීමට නියමිත බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. ඔවුන් දිවුරුම් දෙන ස්ථානය පිළිබඳ මෙතෙක් දන්වා නැත.

අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ තවදුරටත් කටයුතු කරන අතර අද දිවුරුම් දෙන්නේ ඇමතිවරු 16 දෙනකු පමණක් බව ද පැවසේ.

රජයට සහය ලබාගැනීමේ අභිලාෂයෙන් ඉදිරියේ දී තවත් ඇමතිවරු පත්කිරීමට අවශ්‍යවන බැවින් මෙලෙස ඇමතිවරු 16 දෙනකු පඹණක් අද පත්කර ඉදිරියට රජය පවත්වාගෙන යාමටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට රටේ ස්ථාවරභාවය පෙන්වීමටත් මෙලෙස අද ඇමතිවරු පත්කරන බව දැනගන්නට ඇත.

Related articles

Recent articles

spot_img