-2.1 C
New York

අරගලයට ජනාධිපති ලේකම් කාර්යාලයත් ඈදෙයි. ආලෝකයෙන් විරෝධයක්

Published:

ජනාධිපති ලේකම් කාර්යාල ගොඩනැගිල්ට ආලෝක කදම්භ එල්ලකරමින් එම ගොඩනැගිල්ල ද විරෝධතාවයේ කොටසක් බවට පත්කර ගැනීමට ගෝඨාගෝ ගම අඛණ්ඩ අරගලයේ නිරතවූ පිරිස් අද (17) කටයුතු කර තිබේ.

ශ්‍රී ලංකාවේ පළමු පාර්ලිමේන්තු ගොඩනැගිල්ල ‍පැවැති එම ගොඩනැගිල්ල ඉදිරිපිටට ආලෝක කදම්භ එල්ල කරමින් “දැන් ඇති” යන වචන සටහන් කර ඇති අතර එහි කණුවලට රාජපක්ෂවරුන් ගෙලවටා පළඳින සාටක රූප එල්ල කිරීමට ද අරගලකරුවෝ කටයුතු කරති. මේ වනවිට වරින් වර වෙනස්වන විරෝධතා පුවරුවක් බවට පත්ව ඇති පාර්ලිලමේන්තු ගොඩනැගිල්ල කාගේත් ආකර්ශනය දිනාගෙන තිබේ.

ජනාධිපති ලේකම් කාර්යාලයේ සේවකයන් පැමිණ උසැති පුවරු යොදාගෙන එම ආලෝක කදම්භ එල්ලවීම වැළැක්වීමට ද උත්සාහ කරමින් සිටින ආකාරය දක්නට ලැබෙයි.

Related articles

Recent articles

spot_img