තාවකාලිකව වසා දැමුණු කොස්ගොඩ පොලිසිය යළි විවෘත කර ඇති බව පොලිසිය පවසයි.
පොලිස් නිලධාරින් දෙදෙනකු කොරෝනා ආසාදනය වූ වෙද මහත්මයකුගෙන් ප්‍රතිකාර ගෙන තිබූ බැවින් පොලිසිය ඊයේ (25) තාවකාලිකව වසාදම වීෂබීජහරණ කටයුතු සිදුකරන ලදී.
කොස්ගොඩ පොලිසියේ නිලධාරින් අට දෙනකු හබරාදුව පොලිස් නිල සෙවණ නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමු කර සිටින අතර අනෙකුත් නිලධාරීන් සිය නිවෙස්වලම නිරෝධායනයට යොමු කර තිබේ.
විෂබීජහරණ කටයුතුවලින් පසු වෙනත් පොලිස් ස්ථානවලින් නිලධාරින් යොදවා පොලිසියේ සාමාන්‍ය රාජකාරී කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් මාද්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.