-2.1 C
New York

ඩොලර් නැතිව, නොරොච්චෝලෙත් නැවතීමේ අවදානමක

Published:

නො‍රොච්චෝලේ ලක්විජය බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු රැගෙන ආ නෞකා දෙකකට හෙට (18) මුදල් නොගෙවන්නේ නම් එම නෞකා දෙක ගල් අඟුරු මෙරටට ලබා නොදී නැවත ආපසු යන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය පවසයි.   

මෙම නෞඛා දෙක පසුගිය අප්‍රේල් 12 වැනි දා නොරොච්චෝලේ ආසන්න‍යට පැමිණ නැංගුරම් ලා තිබේ. ඒවායේ ගල්අඟුරු මෙට්‍රික් ටොන් 120,000ක් අඩංගුය.

එම නෞකා සඳහා ඇමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවිය යුතු බව ද සඳහන්ය

නොරොච්චෝලේ විදුලි බලාගාරයට අවශ්‍ය ගල්අඟුරු ගොඩබෑම සුළං පවතින අවස්ථාවල දී ඉතාත් දුෂ්කර කාර්යයක් බැවින් වසරේ මාස කිහිපයක් පමණක් එය සිදුකළ හැකි වේ. දැනට එම බලාගාරය සතු ගල්අඟුරු තොග ප්‍රමාණවත් වන්නේ සැප්තැම්බර් මාසය සඳහා පමණි.

කෙසේ වෙතත් මැයි මාසයේ මෝසම් සුළං ආරම්භවීමට පෙර සැප්තැම්බර් සිට ජනවාරි දක්වා කාලයට අවශ්‍ය ගල්අඟුරු තොග ගොඩබෑම සිදු නොකරන්නේ නම් නැවත ගල්අඟුරු ලබාගැනීමට ජනවාරි දක්වා සිටියයුතු බවද ඉංජිනේරු සංගමය පවසයි.

මෙරට විදුලි අවශ්‍යතාවයෙන් වැඩිම ප්‍රමාණයක් සපයන්නේ ‍නොරොච්චෝලේ ගල් අඟුරු තාප විදුලි බලාගාරයෙනි.

Related articles

Recent articles

spot_img