spot_img
spot_imgspot_img

මහින්ද අගමැතිධූරය අතහැරීමට සැරසේ ? රමේෂ්, නාමල්, ඩලස් තිදෙනා යෝජනා වෙයි

පුවත්

විදෙස්

අගමැති මහින්ද රාජපක්ෂ සිය ධූරයෙන් ඉවත්වීමට සූදානමක් ඇති බවත් ඔහු ඉවත් වූ පසු එම අගමැතිධූරය දකුණේම මන්ත්‍රීවරයකුට හිමිවන බවත් ආණ්ඩුවේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මේ සඳහා ගාල්ලේ රමේෂ් පතිරණ, මාතර ඩලස් අලහප්පෙරුම සහ හම්බන්තොට නාමල් රාජක්ෂ යන තිදෙනාගේ නම් මේ සඳහා යෝජනා වී තිබේ.

මීට ඉහත දී ද අගමැති මහින්ද රාජපක්ෂ ධූරයෙන් ඉවත්වන බවට කතා පැතිරගිය ද එය සිදුවූයේ නැත. ඒ අවස්ථාවේ දී අගමැතිවරයා ඉල්ලා අස්නොවී සියලු අමාත්‍යවරු ඉල්ලා අස්වීමට කටයුතු කර තිබිණි.

එවර අගමැතිවරයා ඉල්ලා අස්නොවූයේ ප්‍රබල ඇමතිවරු කිහිප දෙනකුගේ බලපෑමෙන් බව ද පැවසේ. අගමැතිවරයා ධූරය අත්හැරියහොත් මන්ත්‍රීවරු විශාල පිරිසක් පාර්ලිමේන්තුව තුළ ස්වාධීන වීමට ඉඩ ඇති බැවින් එසේ නොකරන ලෙස අගමැතිවරයාගෙන් තවත් පිරිසක් ඉල්ලා සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!