spot_img
spot_imgspot_img

නාමල් රාජපක්ෂ, ආණ්ඩුවට සහය ඉල්ලා ඇමතිධූර බෙදන හැටි කම්කරු කොංග්‍රසය කියයි

පුවත්

විදෙස්

රජයට තවදුරටත් සහය දක්වන්නේ නම් තමන් දැරූ ක්‍රිඩා අමාත්‍යාංශය, ඩිජිටල් තාක්ෂණ අමාත්‍යාංශය ජීවන් තොණ්ඩමන්ට ලබාදෙන බවත්, වතු යටිතල පහසුකම් අමාත්‍යාංශයත්, පශු සම්පත් අමාත්‍යාංශයත් ලබාදෙන බවට නාමල් රාජපක්ෂ පොරොන්දු වූ බව ලංකා කම්කරු කොංග්‍රසය පවසයි.

එම පක්ෂයේ ජාතික සංවිධායක පී.සත්තිවේල් අද (17) මාධ්‍ය හමුවේ ප්‍රකාශයක් කරමින් මේ බව කියා සිටියේය.

පොදුජන එක්සත් පෙරමුණු ආණ්ඩුවට සහය දක්වමින් සිටි ලංකා කම්කරු කොංග්‍රසයේ මන්ත්‍රී පක්ෂ මහ ලේකම් ජීවන් තොණ්ඩමන් රාජ්‍ය අමාත්‍යධූරයෙන් පසුගිය දා ඉල්ලා අස්විය. ඔවුන් එම අවස්ථාවේ කියා සිටියේ තවදුරටත් පාර්ලිමේන්තුව තුළ ලංකා කම්කරු කොංග්‍රසය ස්වාධීනව කටයුතු කරන බවයි.

නමුත් අමාත්‍යධූර ඇතුළු වරදාන වරප්‍රසාද හේතුවෙන් ලංකා කම්කරු කොංග්‍ර්‍රසය එම ස්ථාවරය වෙනස්කර විශ්වාසභංගයට සහාය නොදී ඡන්දය පාවිච්චිකිරීමෙන් වැළකී සිටීමට තීරණය කර ඇතැයි ද වාර්තාවේ.

මෙම කරුණ අද ජාතික සංවිධායක පී.සත්තිවේල් කළ ප්‍රකාශයෙන් සනාථ වී තිබේ.

“නාමල් අමාත්‍යවරයා ඔහුගේ ක්‍රීඩා අමාත්‍යාංශය ලබාදීමට තීරණය කරලා තියෙන්නේ ජීවන්ට නමුත් ඔහු එය භාර නොගන්නවානම් මරුදපාණ්ඩි රමේෂ්වරන්ට එය ලබාදෙනවා කියා නාමල් රාජපක්ෂ කිව්වා. නමුත් අපිට ඇමතිකම් දෙනවාට වඩා මේ කම්කරු ජනතාවට ඉන්ධන, ගෑස් ඇතුළු අර්බුද අවසන් කිරීමයි රජය කළ යුතු වෙන්නේ. අපි රජයෙන් ඉවත් වුණේ රජයේ වැඩ ගැන සෑහීමකට පත් නොවූ නිසා. වත්මන් ආණ්ඩුවට රටේ බහුතරයක් අප්‍රසාදය පළකරන තත්වයක දී අමාත්‍යධූර අරගෙන වැඩක් නෑ.” පී.සත්තිවෙල් කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!