spot_img
spot_imgspot_img

මහින්දානන්දගේ ආධාරකරුවන් දෙපිරිසක් ගැටී තුවාලකරුවන් රෝහලේ

පුවත්

විදෙස්

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ අධාරකරුවන් දෙපිරිසක් අතර ඇතිවූ ගැටුමකින් තරුණයන් දෙදෙනකු තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි නාවලපිටිය පොලිසිය කියයි.

නාවලපිටිය හයින්පොඩ් ප්‍රදේශයේ හෝටලයක පසුගිය 15 වැනි දා මෙම ගැටුම සිදුව ඇත. එය නාවලපිටිය නගර සභාවේ සභාපති අමල් ප්‍රියංකරට අයත් හෝටලයකි.

අලුත් අවුරුද්ද වෙනුවෙන් පැවැති එම සාදයට පැමිණි මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා එතැනින් නික්ම ගිය පසු ගැටුම ඇති වී තිබේ.

එතැනට පැමිණි අයකු ආණ්ඩුවට එරෙහිව ගාලු මුවදොර පිටියේ පැවැත්වෙන උද්ඝෝෂණයට සහභාගී වූයේ යැයි පවසමින් මෙම ගැටුම ආරම්භ වී ඇතැයි ද සඳහන් වේ.

පහරදීම සිදුකළ පිරිස අත්අඩංගුවට ‍ගන්නා ලෙස ඉල්ලා තුවාල ලැබූ දෙදෙනාගේ ඥාතීහු ඊයේ (16) නාවලපිටිය රෝහල ඉදිරිපිට උද්ඝෝෂණයක් ද පැවැත්වූහ.

නාවලපිටිය පොලිසිය පවසන්නේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!