-4.8 C
New York

පොලිසිය, ගැලවූ කූඩාරම් නැවත උද්ඝෝෂකයන්ටම දෙයි. ගලවාගෙන යාම නීති විරෝධීයි

Published:

ගාල්ල ප්‍රධාන බස් නැවතුම්පොළ ඉදිරිපට සාමකාමී උද්ඝෝෂණයක නිරත වූ පිරිස විසින් සවිකර තිබූ කූඩාරමක් අද (17) උදෑසන ගලවාගෙන ගිය පොලිසිය එය නැවත ආපසු ලබාදීමට ගාල්ලේ නීතිඥවරුන්ට පොරොන්දු වී තිබේ.

අරගලකරුවන් සහ නීතිඥයන් පිරිසක් අද පොලිසියට ගොස් පොලිසිය සමඟ සාකච්ඡා කළ අතර පොලිසිය කරන ලද ක්‍රියාව පුරවැසියන්ගේ අයිතියට එරෙහි දෙයක් බවත් මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් නීතිඥවරු 12ක පමණ පිරිසක් පෙන්වාදුන්හ.

පොලිසිය එම කූඩාරම ගලවා ඇත්තේ එයට එරෙහිව පැමිණිල්ලක් හෝ නොතිබියදී ය. පොලිසිය විසින් ම එවැන්නක් කළ යුතුයැයි තීරණය කර තිබූ බව නීතිඥවරු කියති.

කෙසේ වෙතත් මේ සම්බන්ධ නීතිඥවරු කණ්ඩායම සහ පොලිසිය අතර සාකච්ඡාවෙන් පසු උද්ඝෝෂකයන්ට සාමකාමීව විරෝධතාව දිගටම පවත්වාගෙන යන ලෙස පොලිිසය දැනුම් දුන් අතර මාර්ග අවහිර නොකරන ලෙස ද අවවාද කෙරිණි.

ගලවාගෙන ගිය කූඩාරම නැවත ආපසු ලබා දීමට ද පොලිසිය එකඟ වී තිබේ.

Related articles

Recent articles

spot_img