-2.1 C
New York

“අරගලකරුවන්ට හිරිහැර කළොත් බලාගෙනයි” – නීතිඥ සංගමය රජයට අනතුරු අඟවයි

Published:

ආණ්ඩුවට එරෙහිව සාමකාමී විරෝධතා පවත්වන පුද්ගලයන්ට පහරදීම, ඔවුන්ට බාධා කිරීම නීතියට පටහැනි බවත් එලෙස ක්‍රියාකළහොත් නීතිඥයන් ඒ පිළිබඳ ජාත්‍යන්තරයට පවා පැමිණිලි කරන බව ද ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසයි.

එම සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ සාලිය පීරිස් සහ ලේකම් ඉසුරු බාලපටබැඳි දෙදෙනාගේ අත්සනින් මේ සම්බන්ධයෙන් නිවේදනයක් ද නිකුත්කර තිබේ.

ගෝඨාගෝ ගම ප්‍රදේශය පොලිස් කැරළි මර්ධන ඒකකය ජල විදින යන්ත්‍ර ඇතුළු කැරළි මර්ධනයට අවශ්‍ය උපකරණ රැගත් පොලිස් බල ඇණි ස්ථානගත කිරීම හේතුවෙන් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

Related articles

Recent articles

spot_img