-5.9 C
New York

GotaGo ගම අරගල බිමට පොලිස් බලඇණියක්ම එයි

Published:

ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ස්ථාපිත කර ඇති ගෝඨගෝ ගම අරගල භූමිය අසළට මේ වනවිට පොලිස් බල ඇණියක් පැමිණ ඇතැයි එහි සිටින සම්බන්ධීකාරකවරු කියති.

මාර්ගය දිගට පොලිස් ලොරි රථ රැසක් නවතා ඇත.

අරගලය ඉතාමත් සාමකාමීව සිදුවෙමින් පවතින අතර ඊයේ දින රාත්‍රියේ එම අරගල භූමියට, පොලිස් බුද්ධි අංශ නිලධාරීන් 60ක්, සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් විශේෂ කාර්ය බළකායේ 80ක්, යුද හමුදා බුද්ධි අංශ නිලධාරීන් 200ක් පැමිණීමට නියමිත බව ද එම අරගලයේ සම්බන්ධීකරණ කමිටු සාමාජිකයන් විසින් සියලු දෙනා දැනුම්වත් කර තිබිණි.

එහි දී ඔවුන් අරගලයේ යෙදෙන අයගෙන් ඉල්ලා සිටියේ එලෙස පැමිණෙන පිරිසද සාදරයෙන් පිළිගෙන කිසිදු කළබලයක් නොකර ඉවසීමෙන් සිටින ලෙසයි.

Related articles

Recent articles

spot_img