spot_img
spot_imgspot_img

“අලුත් වීදුරුවට පරණ වයින්” ඇමති මණ්ඩලය සඳුදා පත්කරයි

පුවත්

විදෙස්

නව අමාත්‍යවරුන් ලබන 18 වැනි සඳුදා දිවුරුම් දෙන බව ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

මුදල් අමාත්‍යවරයා, මහබැංකු අධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කිරීම සඳහා 18 වැනි දා පිටත්ව යාමට පෙර මෙය සිදුකරන බව ද වාර්තා වේ. රටේ දේශපාලන ස්ථාවරත්වය පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සහතික විය යුතු බැවින් එසේ කරන බව ද IMF සාකච්ඡා අවසන් වනතුරු විශ්වාසභංගය සහ දෝශාභියෝගය කතානායකවරයාට භාර නොදෙන ලෙස විපක්ෂයෙන් ඉල්ලා ඇත්තේ ද ඒ හේතුවෙන් බව ද පැවසේ.

ආණ්ඩුව පාර්ශවය පවසන්නේ පාර්ලිමේන්තු බහුතර විශ්වාසයක් ඇති පුද්ගලයකුට අගමැතිධූරය ලබාදීමට ජනාධිපතිවරයා එකඟ වූ බවයි. ජනාධිපතිවරයා එසේ කීව ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව තවමත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113ක බහුතරයක් පවතින බැවින් කිසිදු පුද්ගලයකුට අගමැතිධූරය හිමිකරගැනීමට හැකියාවක් නැත. මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රී ශාන්ත බණ්ඩාර ඇමතිධූරයක දිවුරුම් දී ආණ්ඩුවට සහය දැක්වීමට ඉදිරිපත් වී සිටින අතර දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන්නේ ආණ්ඩුවෙන් ඉවත් වූ මන්ත්‍රීවරුන්ගේ සහය යළි ලබාගැනීම සඳහා විවිධ වරදාන හා වරප්‍රසාද ලබාදෙන බවයි.

ආණ්ඩුවෙන් ඉවත් වී ස්වාධීන වූ විමල් වීරවංශ, උදයගම්මම්පිල ඇතුළු පක්ෂ 11ක කණ්ඩායම විසින් සර්වපාක්ෂික භාරකාර රජයක් යෝජනා කළ ද ජනාධිපතිවරයා හෝ අගමැතිවරයා ඊට එකඟ වී නැත.

මේ අතර හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ 20 වැනි සංශෝධනය අහෝසි නොකර සර්ව පාක්ෂික රජයක් පත්කිරීම ප්‍රායෝගික නොවන බවයි.

සඳුදා පත්වීමට නියමිත කැබිනට් මණ්ඩලය සඳහා චමල් රාජපක්ෂ, බැසිල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ සහ ශෂේන්ද්‍ර රාජපක්ෂ යන මන්ත්‍රීවරු සිව්දෙනාට කිසිදු ඇමතිධූරයක් හිමි නොවන බව ද වාර්තා වෙයි. මෙතෙක් රාජ්‍ය ඇමතිවරු ලෙස කටයුතු කළ කිහිප දෙනකු කැබිනට් අමාත්‍යධූර ලැබීමට නියමිතව ඇති බව ද අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!