spot_img
spot_imgspot_img

බන්දු සමරසිංහ ගැන, ආණ්ඩුව කියන්නේ බොරු. පත්කිරීමට ඉතාලියේ අනුමැතියත් අරන්

පුවත්

විදෙස්

ඉතාලියේ මිලාන් නගරයේ කන්සියුලර් ජනරාල්වරයා ලෙස විකට නළු බන්දු සමරසිංහ පත්කිරීමට කටයුතු කිරීම සම්බන්ධයෙන් මේ වනවිට විදේශ කටයුතු අමාත්‍යාංශය මෙරට මාධ්‍ය නොමඟ යවමින් සිටියි.

rata.lk වෙබ් අඩවිය ඇතුළු මාධ්‍ය මගින් හෙළිදරව් කරන ලද්දේ බන්දු සමරසිංහ ‍මිලාන් නගරයේ කන්සියුලර් ජනරාල්වරයා ලෙස පත්කිරීමට කටයුතු කර ඇති බවයි. නමුත් මේ කරුණ විදේශ කටයුතු අමාත්‍ය ජී.එල්.පීරිස් විසන් ප්‍රතික්ෂේප කෙරිණි. අමාත්‍යවරයා කියා සිටියේ බන්දු සමරසිංහ ඒ සඳහා යෝජනා වී ඇතත් අවසන් තීරණයක් ගෙන නැති බවයි.

රටේ ඇති අර්බුදකාරී වාතාවරණනය සමඟ මේ වනවිට ආණ්ඩුවේ පාර්ශවවලින් නිකුත් කරනු ලබන මාධ්‍ය නිවේදන සහ කරුණු පැහැදිළිකිරීම්වල විශ්වසනීයත්වය පිළිබඳ ගැටලුවක් ඇති බැවින් rata.lk අපි ඒ පිළිබඳ ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති අංශවලින් කරුණු විමසා සිටි විට තහවුරු වූයේ බන්දු සමරසිංහ පත්කිරීම සඳහා අවශ්‍යකරනු ලබන ඉතාලියේ අනුමැතිය ද මේ වනවිට ලබාගෙන ඇති බවයි.

එවැනි පත්කිරීමක් සඳහා එම රාජ්‍යයේ පූර්ව අනුමැතිය අවශ්‍ය වේ. එහි දී සළකා බලන්නේ කරුණු තුනක් පමණි. පත්කරනු ලබන කන්සියුලර් ජනරාල්වරයා ඔහුගේ රටේ දී අපරාධමය චෝදනාවලට ලක් නොවූවෙක් විය යුතුය. පත්කරනු ලබන රටේ කිසිම අධිකරණයක චෝදනාවකට ලක් නොවූවෙක් විය යුතුය. ත්‍රස්තවාදී සංවිධානවලට හෝ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ වෙළඳාම් සඳහා සම්බන්ධ නොවූවකු විය යුතුය.

මෙම කරුණු තුන හැර ඔහුගේ අධ්‍යාපනික සුදුසුකම් හෝ රාජ්‍ය තාන්ත්‍රික හැකියාව පිළිබඳ හෝ සොයා බැලීමක් කරන්නේ නැත.

මේ වනවිට බන්දු සමරසිංහ එම තනතුරට පත්කරන බවට ඉතාලියට දන්වා ඇති අතර ඉතාලිය ද ඉහත කරුණු පරීක්ෂා කිරීමෙන් පසු ඒ සඳහා අනුමැතිය දී තිබේ. දැන් සියල්ල සූදානම් කර ඇත. බන්දු සමරසිංහට ඇත්තේ අදාල තනතුර බාර ගැනීම පමණි.

මේ කරුණනු අනුව අපට තහවුරු වන්නේ විදේශ කටයුතු අමාත්‍යවරයා විසින් බන්දු සමරසිංහ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි පැවසූම මාධ්‍ය නොමඟ යවා එමගින් ජනතාව ද නොමඟ යැවීමේ ප්‍රකාශයක් බවයි.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!