STF කඳවුරු තුනක් හුදකලා කරලා

0
118

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොරෝනා ආසාදනය වි ඇතැයි තහවුරුවීමත් සමඟ STF කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙන තිබේ.

මෙලෙස හුදකලා කර ඇත්තේ කැලණිය, කළුබෝවිල, රාජගිරිය යන කඳවුරු තුනයි. විශේෂ කාර්ය බළකායේ එකොළොස් දෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි පොලිසිය පවසයි.

කඳවුරුවලට අවශ්‍ය මාළු ගෙනඒමට පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයට වෙත ගිය අයගේ මාර්ගයෙන් වයිරසය ආසාදනය වන්නට ඇතැයි විශ්වාසයක් පවතී.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ ප්‍රකාශ කර සිටියේ පොලිසියේ නිලධාරීන් 345 දෙනෙකු මේ වන විට නිරෝධායනයට යොමු කර තිබෙන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here