spot_img
spot_imgspot_img

ගෝඨාගෝ ගමේ දී අදහස් දැක්වූ පොලිස් සැරයන්ට ඇප

පුවත්

විදෙස්

ගෝඨාගෝ ගම පරිශ්‍රයේ දී රජයට එරෙහි ප්‍රකාශයක් කළැයි කියමින් කඩිනම් විනය පරීක්ෂණයක් පවත්වා අත්අඩංගුවට ගත් පොලිස් සැරයන්වරයා ඇප මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කේමින්ද පෙරේරා අද (15) නියෝග කළේය.

මෙලෙස මුදාහරින ලද්දේ පොලිස් සැරයන් ජයසිංහ මුදියන්සේලාගේ අමරදා යන අයයි. ඔහු ලක්ෂ 03 බැගින් වූ ශරීර ඇප මත මුදාහරිනු ලැබීය.

මෙම විරෝධතා පරිශ්‍රයට සිය නිල ඇඳුමෙන් සහභාගී වී මහජන කැළඹීමක් ඇතිවන ආකාරයේ ප්‍රකාශයක් නිකුත්කළැයි කියමින් ඔහුට එරෙහිව පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මහජන අරගල හේතුවෙන් පොලිස් අත්අඩංගුවට පත්වන සහ විවිධ චෝදනාවන්ට ලක්වන පුද්ගලයන් වෙනුවෙන් කිසිදු මුදල් අයකිරීමකින් තොරව පෙනී සිටින නීතිඥවරු අතරින් 12 දෙනෙක් අද එම සැරයන් වරයා වෙනුවෙන් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

එම නීතිඥවරුන් අධිකරණයේ දී කියා සිටියේ මූලික මිනිස් අයිතිවාසිකමක් වන අදහස් ප්‍රකාශකිරීමේ නිදහස කිසිදු ආයතනයකින්, වෙනත් කවර ආකාරයකි චක්‍රලේඛයකින් හෝ අහිමිකළ නොහැකි බවයි. පොලිස් සැරයන් වරයා තම ප්‍රකාශනයෙන් අයිතිය භාවිතා කළ හැකි බව ද නීතිඥවරු පෙන්වා දුන්හ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!