spot_img
spot_imgspot_img

DSI කම්හලේ ජල ටැංකියට වැටී 07 හැවිරිදි දරුවාත්, පියාත් මරුට

පුවත්

විදෙස්

ගාල්ල බටදූව ඩී.එස්.අයි කර්මානතායතනයේ පිරිපහදු ටැංකියකට වැටීමෙන් 07 හැවිරිදි දරුවකු සහ ඔහුගේ පියා මියගොස් ඇතැයි පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ තල්ගම්පල හවුපෙගේ වත්තේ පදිංචි උඩබෙට්ටව වැදිගේ සෙනාල් දිනූෂ ගුණසේන (37) සහ සිතුක විනස් ගුණසේන නමැති 07 හැවිරිදි දරුවෙකි.

මියගිය සෙනාල් දිනූෂ ගුණසේන ඩීඑස්අයි ආයතනයේ විධායක නිලධාරියෙකි. දිනයේ අවස්ථා කිහියක් ම මෙම ටැංකි අධීකෂණය කරනු ලබන අතර අද ඔහු එම ටැංකි අධීක්ෂණය සඳහා ගොස් ඇත්තේ තමු පුතු ද සමගිනි. ආයතනයේ නිවාඩු දිනයක් බැවින් පුතුට කර්මාන්තායතනය පෙන්වීම සඳහා ඔහු ද කැටිව පැමිණ ඇති අතර පිය පුතු දෙපළ එම ටැංකි දෙසට ගොස් බොහෝ වේලාවකින් ආපසු නොපැමීණීම හේතුවෙන් ආරක්ෂ නිලධාරියකු එහි ගොස් බැලීමේ දී කුඩා දරුවා ටැංකියේ වැටී සිටින බව දැක ඇත. ඒ වනවිටත් ඔහු මියගොස් සිටි අතර පසුව එම ටැංකියට කොටුවක් දමා වතුර කලතා බැලීමේ දී පියාගේ සිරුර හමුවී තිබේ.

එම ආයතනයේ යන්ත්‍ර සිසිල් කිරීම සඳහා මෙම ටැංකි ඉදිකර ඇති බව එම කර්මාන්තායතනයේ සේවකයෝ කියති. එය අඩි 08ක් පමණ ගැඹුරු ටැංකියකි.

පොලිසිය පවසන්නේ තම දරුවාට පෙන්වීමේ දී ඔහු එයට ඇද වැටෙන්නට ඇති බවයි. තාත්තා පුතා බේරාගැනීමට පනින්නට ඇති බවත් පොලිසිය සැකකරයි.

මෙම මරණය සම්න්ධ හදිසි මරණ පරීක්ෂණ කරාපිටිය ශික්ෂණ රෝහලේ දී මේ වනවිට ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!