-5.9 C
New York

GotaGo ගමට පුරවැසි සභාවක්. “ගාලු මුවදොර සංදේශය” සැකසෙයි

Published:

ගෝඨාගෝගම අරගල භූමියේ පුරවැසි සභාවක් අද (15) උදෑසන 11.00 සිට ආරම්භවන බව එහි සම්බන්ධීකාරකවරු කියති.

එහි දී ශ්‍රී ලංකාව මුුහුණ දී ඇති ආර්ථික හා දේශපාලනික අර්බුදයෙන් මිදෙන්නේ කෙසේ ද යන්න ගැන ජනතාවගේ අදහස් ලිඛිතව ඉදිරිපත් කිරීමට අවස්ථාව ලබාදෙයි. අද සිට දින 05ක් පුරා මෙලෙස එකතුකරන අදහස් නැවත විෂය ප්‍රවීණ මණ්ඩලයක් හමුවට ඉදිරිපත් කර පිළිවෙලකට සැකසීමෙන් පසු ගාලු මුවදොර සංදේශය නමින් ජනතාව හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

ගෝඨගෝගම සම්බන්ධීකාරකවරු පවසන්නේ පුරවැසි සභාව එම පරිශ්‍රයේ නීති ආධාර කඳවුර සහ පුස්තකාලය අතර පිහිටි රතුපැහැති කූඩාරමේ ස්ථාපිත කර ඇති බවයි. එහි පැමිණෙන ඕනෑම අයකුට තමන්‍ගේ අදහස් ලබාදීමට අවස්ථාව හිමිවෙයි.

Related articles

Recent articles

spot_img