spot_img
spot_imgspot_img

විරෝධතාවේ නිරත සරසවි සිසුන්ට පහරදුන්, මන්ත්‍රී රිමාන්ඩ් (වීඩියෝ ඇත)

පුවත්

විදෙස්

කිරිබත්ගොඩ නගරයේ විරෝධතාක නියැළී සිටි කැලණිය විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදුන් බවට සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයකු ලබන 22 වැනි දා දක්වා රිමාන්ඩ් කිරීමට මහර වැඩබලන මහේස්ත්‍රාත් රමණී සෙනෙවිරත්න අද (14) නියෝග කළාය.

මෙලෙස රිමාන්ඩ් කර ඇත්තේ මහර ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහජන නියෝජිතයකු වන දුමින්ද පෙරේරා නමැති අයෙකි.

ඊයේ සවස කැලණිය විශ්විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් සිසුන් පිරිසක් විරෝධතාවක නිරත වෙමින් සිටිය දී එතැනට පැමිණි සැකකරු එම අට්ටාලය කඩා දැමූ අතර සිසුන් කිහිප දෙනකුට ද පහර දී තිබේ. මේ සම්බන්ධයෙන් කිරිබත්ගොඩ පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අද අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.  

මෙම පුද්ගලයා අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ දී අරගලය සඳහා සහාය දක්වන නීතිඥයන් 20 දෙනකු පමණ කිසිදු මුදල් අයකිරීමකින් තොරව අධිකරණය හමුවේ පෙනී සිටි බව ද නීතිඥවරු කියති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!