-4.8 C
New York

අරගලයට ආ පොලිස් පොලිස් සැරයන් ගැන, පොලිසිය කියන කතා

Published:

ගෝඨාගෝ ගම පැවැත්වෙන ජනතා විරෝධයට එක්වෙමින් ප්‍රකාශයක් කළ පොලිස් නිලධාරියා සම්බන්ධයෙන් දැඩි තීන්දුවක් ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කර ඇත.

මේ සම්බන්ධයෙන් අද පොලිස් මාධ්‍ය කොට්ඨාසය විසින් මාධ්‍ය නිවේදනයක් ද නිකුත් කරනු ලැබීය.

ඔවුන් පවසන්නේ එලෙස අරගල භූමියට පැමිණි පොලිස් සැරයන්වරයා පොලිස් ස්ථාන රැසක සේවය කරමින් සිටිය දී විවිධ හේතූන් මත වැඩ තහනමකට ලක්ව සානුකම්පිත හේතූන් මත නැවත සේවයට බඳවාගෙන ඇති බවයි.

මේ වනවිට ඔහු සිරිපාගම පොලිස් ස්ථානයේ සේවය කරන බවත්, හෙතෙම එම පොලිසියේ ස්ථානාධිපතිට නොදන්වා අනවසරයෙන් අරගල භූමියට පැමිණ ඇතැයි ද ‍පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් කර තිබේ.

Related articles

Recent articles

spot_img