-5.9 C
New York

ඉතාලියේ කොන්සියුලර්වරයා ලෙස, විකට නළු බන්දු සමරසිංහ පත්කරලා

Published:

ඉතාලියේ මිලාන් නගරයේ කන්සියුලර්වරයා ලෙස විකට නළු බන්දු සමරසිංහ පත්කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

තානාපති සේවයේ නිතර නිලධාරීන්ට තම රටේ රාජ්‍යතාන්ත්‍රික සබඳතා වැඩිදියුණු කිරීම සඳහා විශාල වගකීමක් පැවරෙයි. මීට පෙර ඉතාලියේ මාලාන් නගරයේ කන්සියුලර් ධූරයේ කටයුතු කළ නීලා වික්‍රමසිංහ මියයාමෙන් පසු එම ධූරය පුරප්පාඩු වී තිබිණි.

එම පරප්පාඩුව සඳහා මෙලෙස විකට නළු බන්දු සමරසිංහ පත්කර තිබේ. බන්දු සමරසිංහ 2019 ජනාධිපතිවරණයේ දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය වෙනුවෙන් කතා පැවැත්වූ අයෙකි.

තමා රංගන ශිල්පියෙකු ලෙස නිරූපනය කළ විකට ජවනිකා යහපාලන ආණ්ඩුව විසින් නිරූපනය කරන බව බන්දු සමරසිංහ පවසයි. ගෝඨභය රාජපක්ෂගේ ජය තහවරු කිරීම සඳහා බේරුවල ප්‍රදේශයේ ජන හමුවකට එක් වෙමින් වරක් කියා සිටියේය.

බලයේ සිටින ගෝඨාභය රාජපක්ෂ එසේ කී විකට නළුවා ශ්‍රී ලංකාවේ තානාපති සේවය සඳහා ඉතාලියට යැවීමට තීරණය කර තිබීම විශේෂත්වයකි.

Related articles

Recent articles

spot_img