“ගෝඨාගෝ ගම හයියට” තමන් ද උද්ඝෝෂණය කරන බව පවසමින් ගාල්ල නගරයේ අද (14) සවස උද්ඝෝෂණයක් පැවැත්විණි. ගෝඨාගෝ ගමට නෑ ගමන් යාමට ඉන්ධන නොමැතිවීම හේතුවෙන් මෙලෙස ගාල්ල නගරයේ උද්ඝෝෂණය පවත්වන බවත් ඔවුහු කීහ.
සවස 3.00ට පමණ පැවැත් මෙම සාමකාමී උද්ඝෝෂණය සවස 5.30ට පමණ අවසන් වූ අතර ඒ සඳහා 500ක පමණ පිරිසක් සහභාගී වී සිටියහ.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට වහාම ඉල්ලා අස්වන ලෙස බලකරමින් මේ උද්ඝෝෂණය පැවැත්වූ අතර ඒ සඳහා වෛද්‍යවරු, නීතිඥයන්, ඉංජිනේරුවන්, ගුරුවරුන් සහ මාධ්‍යවේදීන් ඇතුළු විවිධ වෘත්තිකයෝ රැසක් මෙම උද්ඝෝෂණයට සහභාගී වී සිටියහ.











