-4.8 C
New York

විශ්වාසභංගයත්, දෝෂාභියෝගයත් කල් යයි ?

Published:

ආණ්ඩුවට එරෙහිව ඉදිරිපත්කරන විශ්වාසභංග යෝජනාව සහ ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් කරන දෝෂාභියෝග යෝජනාව කල් දැමීම සම්බන්ධයෙන් අවධානය යොමුව ඇතැයි වාර්ත‍ා වෙයි.

ලබන 18 වැනි දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් සාකච්ඡා ආරම්භ කරන බැවින් මෙම ආර්ථික අරබුදයෙන් ගොඩ ඒම සඳහා ලබාදෙන සහයෝගයක් ලෙස විශ්වාසභංගය සහ දෝෂාභි‍යෝගය කල් දමන්න යැයි ආර්ථික විශේෂඥ‍යෝ විපක්ෂයෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහ රටේ දේශපාලන ස්ථාවරත්වය ද යම් පමණකට වැදගත් වන බව ඔවුන් පෙන්වා දී ඇත.

එම තත්වය සළකාබලා විශ්වාසභංග යෝජනාව සහ දෝෂාභියෝග යෝජනාව ලබන 19 වැනි දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැත්වෙන සාකච්ඡාවලින් පසු ලබන 24 වැනිදාට පසු පාර්ලිමේන්තුවට ඉදිරිපත්කරන්න යැයි ද ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.

එම යෝජනා සම්බන්ධයෙන් මූලිකව කටයුතු කරන සමගි ජන බලවේගය ඒ පිළිබඳ අවධානය යොමු කර ඇති බව ද වාර්තා වෙයි. කෙසේ වෙතත් මෙම ඉල්ලීම පිළිබඳ මෙතෙක් අවසන් තීරණයක් ගෙන නැත.

Related articles

Recent articles

spot_img