-4.8 C
New York

මහින්ද ඉවත්වුවහොත්, අගමැති නාමල් රාජපක්ෂ

Published:

මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම් අගමැති ධූරයට එකම සුදුස්සා නාමල් රාජපක්ෂ යැයි ආණ්ඩුවේ ඇමතිවරු පිරිසක් විසින් යෝජනා කර ඇති බව වාර්තා වේ.

ආණ්ඩුව අභ්‍යන්තරයේ පැවැති සාකච්ඡාවක දී නාමල් රාජපක්ෂ ඒ සඳහා සුදුසුම පුද්ගලයා යැයි ප්‍රකාශ කර ඇත්‍තේ ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන, මහින්දානන්ද අලුත්ගම‍ගේ ප්‍රධාන කණ්ඩායමක් විසිනි.  මහින්ද රාජපක්ෂ අගමැති ධූරයෙන් ඉවත්වන්නේ නම් නාමල් රාජපක්ෂ ඒ සඳහා පත්කර ගැනීම සඳහා ඔවුහු මූලිකත්වය ගෙන ක්‍රියාකරති.

කෙසේ වෙතත් අගමැති මහින්ද රාජපක්ෂ මෙතෙක් එවැනි තීරණයක් ගෙන නැත.

ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් මේ වනවිට අගමැති ධූරය සඳහා දිනේෂ් ගුණවර්ධන, නිමල් සිරිපාල ද සිල්වා සහ ඩලස් අලහප්පෙරුම යන නම් ද යෝජනා කර ඇති අතර සර්වපාක්ෂික භාරකාර රජයකට යන්නේ නම් මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා අග්‍රාමාත්‍යවරයා ලෙස පත්කිරී‍මට ද තවත් පිරිසක් විසින් යෝජනා කර ඇතැයි ද ආණ්ඩු පක්ෂ අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි.

Related articles

Recent articles

spot_img