spot_img
spot_imgspot_img

විදෙස් ණය නොගෙවන විට රටට සිදුවන දේ

පුවත්

විදෙස්

රටේ උද්ගත වී ඇති දැඩි ආර්ථික අර්බුදයෙන් මිදීමේ එක් පියවරක් ලෙස ණය ගෙවීම නවතා දමන බව පසුගිය 12 වැනි දා රජය නිවේදනය කළේය. ඉතාමත් ඉක්මණින් මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) සමඟ සාකච්ඡා කර ආර්ථික ගැටලුව විසඳාගන්නා බව ද රජය මේ වනවිට නිල වශයෙන් ප්‍රකාශ කර තිබේ.

ණය ගෙවීම නවතා දැමූ විට රටට සිදුවන්නේ කුමක්  ද යන්න පිළිබඳ හිටපු අග්‍රාමාත්‍ය එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ විශේෂ ප්‍රකාශයක් කර තිබිණි. මෙම ලිපිය සැකසෙන්නේ ඔහුගේ එම ප්‍රකාශය පදනම් කරනිමිනි.

ණය ගවීම නවතා දැමූ විට සිදුවන්නේ කුමක් ද ?

විදේශ ණය ගෙවන්නේ නෑ කියා කීවම බැංකුවලට ඇති බර තවත් වැඩි වෙනවා. මේ ප්‍රකාශයෙන් ආණ්ඩුව කියන්නේ ශ්‍රී ලංකාව බංකොලොත් බව. ඒක පාර්ශිකව මෙවැනි තීරණයක් ගෙන ණය ගෙවීම පැහැර හරින විට ආනෙක් පාර්ශවය ඊට එකඟ නොවෙන්න පුළුවන්. එවිට ඔවුන් ශ්‍රී ලංකාවට එරෙහිව ජාත්‍යන්තර අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමටත් ඉඩ තිබෙනවා.

මේ ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කරන්න වෙනවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ කිසිදු වාණිජ බැංකුවකට තමන්ගේ ණයවර ලිපි (LC) සඳහා ලෝකයේ පිළිගත් විදෙස් බැංකුවකින් තහවුරුවක් ලබාගැනීම හැකියාවක් ලැබෙන්නේ නැහැ. අපි යම් ද්‍රව්‍යයක් වෙනත් රටකින් ආනයනය කරනවානම් අපේ රටේ බැංකුවක් ඒ සඳහා ණයවර ලිපියක් නිකුත් කරනවා. එවිට සැපයුම් කරු මේ ණයවර ලිපිය සඳහා ලෝකයේ පිළිගත් බැංකුවකින් තහවුරු කිරීමක් ඉල්ලා සිටියහොත් ඒ බැංකුව එය ලබාදීම කළ යුතුයි. එවිට තමයි සැපයුම්කරු ඒ තහවුරු කිරීම පිළිඅරගෙන අදාල භාණ්ඩ මෙරටට එවන්නේ. නමුත් අපි ණය නොගෙවන රාජ්‍යයක් වනවිට එවැනි තහවුරු කිරීමක් බැංකුවලින් ලබාදෙන්නේ නැහැ. ප්‍රතිඵලය වන්නේ අපිට ණයවර ලිපි නිකුත්කරලා භාණ්ඩ ආනයනය කිරීමට ඇති හැකියාව නැතිවීම. තෙල්, ගෑස්, අත්‍යාවශ්‍ය ඖෂධ පමණක් නෙවෙයි අපේ අපනයන නිෂ්පාදන සඳහා අවශ්‍ය කරනු ලබන අමුද්‍රව්‍ය පවා ගෙන්වාගන්න බැරි වෙනවා. මේ නිසා ඉතාමත් ඉක්මණින් පුද්ගලික ව්‍යාපාර පවා කඩා වැටෙනවා.

ආණ්ඩුව සහ විපක්ෂයේ වගකීම

මැයි මැද වනවිට ඉන්ධන ගෙන ආ ඉන්දීය ණය අවසන් වෙනවා. ඉන්ධන නැති වෙනවා. පුද්ගලික අංශය කඩා වැටෙනවා. වැටුප් ගෙවන්න හැකියාවක් නැති වෙනවා. නිවසේ ආර්ථිකය කඩා වැටෙනවා. නව මුදල් ඇමතිවරයා රට බංකොලොත් බව ප්‍රකාශ කරනතුරු ආණ්ඩුව මොනවද කළේ.

මේකට ආණ්ඩුව වගකිව යුතුයි. රටේ ජනතාවට තම කණගාටුව ප්‍රකාශ කරන්න. කොන්දේසි නැතිව අනෙක් දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරලා එකමුතු වෙන්න. සම්ප්‍රදායික විපක්ෂ‍යේ වැඩ පිළිවෙලකින් මේ ප්‍රශ්නයට විසඳුමක් ලැබෙන්නේ නැහැ. ආණ්ඩුව සමඟ සාකච්ඡා කරලා කොන්දේසි ඇතුළත් කරලා රටේ ප්‍රශ්නය විසඳාගන්න ඕනෑ. මේ තමයි තිත්ත ඇත්ත. ඒකෙන් අපිට පැනලා යන්න බැහැ.

ලෙබනන් රට සමඟ අයිඑම්එෆ් ගිවිසුමට එද්දී ඒ සියල්ල පාර්ලිමේන්තුවේ සම්මත වෙන්න ඕන කියලා කොන්දේසියක් ආවා. අපිටත් ඒ වගේ වේවි. ජාත්‍යන්ත සහයෝගය අවශ්‍යයි. ජාත්‍යන්තරයට බැනලා මේක විසඳාගන්න බැහැ. අපිට තියෙන්නේ මේ අර්බුදයෙන් බංකොලොත් බවින් ඉක්මනට ගොඩ ඒමට ජාත්‍යන්තරයේ සහයෝගය ලබාගැනීම.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!