-4.8 C
New York

අරගලයට එක්වෙමින් රොෂාන් මහනාම කී කතාව

Published:

“මම ගෙවමින් ඉන්නේ ජීවිතයෙ අවසන් අර්ධය. නමුත් මගේ ජීවිතයෙන් ගිලිහී ගිය දේ අලුත් පරම්පරාවට දීම සඳහා මම අද මෙතැනට ආවා” යැයි මෙරට බිහිවූ අග්‍රගන්‍ය ක්‍රිකට් ක්‍රීඩකයකු වන රොෂාන් මහානාම අද (13) කොළඹ අරගල භූමියේ දී කීවේය.

ඔහු එම අරගලයට සම්බන්ධ වූයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වූ චම්පික රාමනායක ද සමගිනි.

මහානාම මෙසේ ද කීවේය.

“මම මෙතැනට ආවේ ප්‍රසිද්ධිය බලාගෙන නෙවෙයි. මම දැන් ජීවිතේ තුනෙන් දෙකක් ජීවත්වෙලා ඉවරයි. මට වඩා හොඳ තැනක් අනාගත පරම්පරාවට දෙන්න ඕනෑ. ජනතාවට ගෑස් නෑ, පෙට්‍රල් නෑ. කිරිපිටි නෑ. බෙබහෙත් නෑ. මේ සියල්ලට වගකිව යුතු වෙන්නේ දේශපාලනඥයන්. අපි ඔවුන්ට සළකන්න ඕනෑ ‍අපේ සේවකයන් විදියට පමණයි. සාමාන්‍ය ජනතාව මේ වගේ කොඩි උසවාගෙන ඉන්නවා අපි දකින්නේ පිට්ටනියේ දී මැච් එකක් අතරතුර දී. මම හිතුවා මේ වෙලාවේ මගේ වගකීමක් තියෙවා කියලා ජනතාව වෙනුවෙන් පෙනී ඉන්න.”

චම්පික රාමනායක අදහස් දක්වමින් මෙසේ කීවේය.

“අපිට මේ ක්‍රමය වෙනස් කරන්න ඕනෑ. අපේ තරුණ පරපුරට ලෝකයට යන්න අවස්ථාක් හැදෙන්න ඕනෑ, අපි කැපවීම් කරන්න ලෑස්තියි. මේ සාගතයක් හෝ නියගයක්නම් ඒ කැපකිරීම් කරන්න පුළුන්. නමුත් පාලකයන්ගේ වරදින් මෙහෙම දෙයක් වුණාම අපට ඒක දරාගන්න බෑ.”

Related articles

Recent articles

spot_img